gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දොස්තරලා දෙන්නා කැන්ටිමේදී හොද්දක් නිසා ඇනගෙන

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ආපන ශාලාවේදී ඇතිවූ සිද්ධියක් මත එම රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනකු අතර ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් ගුටිබැට හුවමාරුවකින් පසුව තමන්ට මරණ තර්ජන එල්ල කළ බවට වෛද්‍යවරුන් දෙදෙනාම එකිනෙකාට විරුද්ධව ගාල්ල පොලිසියට පැමිණිලි කර තිබේ.

හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරයකු සහ දන්ත විකලාංග ඒකකයේ වෛද්‍යවරයකු මෙසේ
පොලිසියට පැමිණිලි කර ඇත. ගාල්ල නගරයේ ජනප්‍රිය පාසලක එකම පන්තියේ එකට ඉගෙන ගෙන ඇති සමීප මිතුරන් දෙදෙනකු වූ මොවුන් විභාග සමත් වී එකට වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වූ දෙදෙනකු වීම විශේෂ සිද්ධියකි.

හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරයා රෝහලේ ආපන ශාලාවේ දිවා ආහාරය ගනිමින් සිටින විට දන්ත විකලාංග ඒකකයේ වෛද්‍යවරයා පුටුවෙන් නැඟිට තිබේ. එම අවස්ථාවේ ඇඟේ හැපීම නිසා ඔහුගේ ඇඟේ හොදි විසිරී ඇත. එවිට ඇඟේ හොදි විසුරුණු වෛද්‍යවරයා ජල කරාමයට ගොස් හොදි සෝදා ගෙන ආපන ශාලාවෙන් පිටතට පැමිණ තිබේ. ඒ සමඟම පිටුපසින් එළවා ගෙන පැමිණ ඇති දන්ත විකලාංග ඒකකයේ වෛද්‍යවරයා අසභ්‍ය වචනයෙන් බැන වැදී උඹේ සාක්කුවේ පිහියක් තියෙනවා නේද? එහෙම නම් ඇනපන් කියා පවසා ඇත. එම අවස්ථාවේ අනිත් වෛද්‍යවරයාද ඔහුගේ බෙල්ලෙන් අල්ලා අසභ්‍ය වචනයෙන් බැන වැදී පහරදීමට උත්සාහ කර ඇත.

එවිට දන්ත විකලාංග ඒකකයේ වෛද්‍යවරයාද පිහියක් හා ස්ප්‍රේ එකක් සාක්කුවෙන් එළියට ගෙන, "තොට මොනවාද ඕනෑ, තෝ මරනවා" යනුවෙන් කෑ ගසා ඇති බවත් පැමිණිලිවල සඳහන්ව ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර හක්මණ සහ මූලස්ථාන පොලිස් පරීක්ෂක අජිත් කුමාර යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදය සෙනවිරත්න මහතා විසින් පරීක්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka