gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තෙල් මිල සූත්‍රය ස්වයංක්‍රීය වෙයි.

ගෝලීය තෙල් බැරලයක වටිනාකමට සමගාමීව දැනට වඩා විද්‍යාත්මක හා ක්‍රමවත් ස්වයංකීය තෙල් මිල සූත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට යන අතර ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය ඛණිජ තෙල් සංස්ථාවට ලබාගත් පසුව ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩ නැගීමට අවශ්‍ය කෙරෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පෙන්වා දෙන ලද ප්‍රතිපත්ති මාලාවෙන් එකක්
වන ලෝක වෙළඳපොළේ දිනපතා සිදුවන තෙල් මිල ගණන්වල අඩුවැඩිවීම්වලට වාසි හෝ අවාසිය ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින්ට නොලැබෙන හෙයින් ඔවුන්ට පූර්ණ ප්‍රතිලාභ ලබාදීම සඳහා දෛනික ස්වයංක්‍රීය තෙල් මිල සූත්‍රයක් භාවිතා කිරීම ඵලදායී පියවරක් බවට එම අරමුදල විසින් පෙන්වා දී තිබෙන බවත් වික්‍රම රත්න මහතා කියා සිටියේය.

ශ්‍රී ලංකා රජය විසින් පසුගියදා තෙල් මිල ගණන් ඉහළ නංවනු ලදුව එය ජ්‍යාතන්තර මූල්‍ය අරමුදලේ බලපෑම මත තෙල් මිල ඉහළ නැංවීමට රජය ක්‍රියා කළ බවට ඒකාබද්ධ විපක්ෂය නිවේදනයක් නිතුත් කරමින් චෝදනා කර තිබිණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට :

මේ අතර තෙල් මිල ඉහළ නැංවීමට ශ්‍රී ලංකා රජය විසින් කටයුතු කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අගය කර ඇති බව එම අරමුදලේ වෙබ් අඩවිය සඳහන් කරයි.

ඕනෑම රජයක් තෙල් මිල සම්බන්ධයෙන් මිල සූත්‍රය සැකසීමේදී සාමාන්‍ය බදු තෙල් නිෂ්පාදනය සඳහා යන පිරිවැය සහ රුපියලේ විනිමය අනුපාතය යන සාධන සැලකිල්ලට ගෙන මිල ගණන් සකස්කොට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීම සිදුකරන බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ ඒ රටවල ආර්ථිකය ගොඩනැංවීම සඳහා ප්‍රතිපත්ති සකස්කර දෙන බවත් මේ සමබන්ධයෙන් අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පැවසීය.

(රාවය)




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka