gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කෙරවලපිටිය බලාගාර ටෙන්ඩරය ගැන තීරණය ?

කෙරවලපිටිය ස්වභාවික වායු විදුලි බලාගාරයේ ඉදිකිරීම් ටෙන්ඩරය ලබාදෙන සමාගම කවරක්ද යන අවසන් තීරණය ගනු ලබන්නේ මහජන උපයෝගිතා කොමිසම විසින් බව‍ට නීතිපතිවරයා ඊයේ (11) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.

එම ටෙන්ඩරය ලබාදීම සඳහා වන තාක්ෂණික ඇගයීම කමිටුවේ නිර්දේශ අනුමත කිරීම පමණක් කැබිනට් මණ්ඩලය විසින් සිදුකරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්
මිලින්ද ගුණතිලක මහතා සඳහන් කළේය.

එම විදුලි බලාගාරය ඉදිකිරීම් ටෙන්ඩරය දේශීය සමාගමකට නොදී චීන සමාගමකට ලබාදීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කෙරිණි.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා විසින් ගොනුකර තිබූ මෙම පෙත්සම මඟින් වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටියේ විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය, අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවෝ වූහ.

ඊවා වනසුන්දර, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම කැඳවන ලදී. එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කියා සිටියේ විදුලිබල පනතට අනුව ටෙන්ඩර ලබාදීමේදී අඩුම ලංසුව ලබාදෙන සමාගමට ලබාදිය යුතු බව ය.

මෙහිදී අඩුම ලංසුව ඉදිරිපත් කළ දේශීය සමාගම තිබියදී චීන සමාගමකට එය ලබාදීමෙන් රුපියල් බිලියන 40 ක පාඩුවක් වන බවත් ඩොලරයේ අගය අවප්‍රමාණයවීම නිසා එම පාඩුව බිලියන 80 ක් තෙක් ඉහළ යා හැකි බවත් හෙතෙම කීය.

පෙත්සම පිළිබඳ වැඩිදුර විභාගය ජූලි මස 17 දිනට කල්තැබිණි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka