gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තේ දළුවල බර වැඩි කරන ජාවාරමක්!

බලන්ගොඩ සහ තදාසන්න ප‍්‍රදේශවල ගම්මාන රැසක අමු තේ දළු වල බර වැඩිකර වැඩි ලාබයක් ලබා ගැනිම සඳහා දළු ගෝනි පිටින් ගංගා ඇල දොල වල ඔබා ජලය මිශ‍්‍ර කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

මෙසේ තේ දළු වලට ජලය මිශ‍්‍ර කර කර්මාන්තශාලාවලට සැපයිමෙන් කර්මාන්තශාලා හිමියන්ද ප‍්‍රමිතියෙන් උසස් තේ නිෂ්පාදනය කිරිමට නොහැකි ව ගැටලූවකට මුහුණ පා සිටිනවා.
ගොවීන්ගෙන් දළු එකතු කරන ඇතැම් ව්‍යාපාරිකයින් අමු තේ දළු වලට මෙලෙස ජලය මිශ‍්‍ර කරන බවයි ප‍්‍රදේශයේ තේ ගොවින් පවසන්නේ. මේ හේතුවෙන් අමු තේ දළු වල මිල අඩුවිමක් සිදුවන බවද ඔවුන් පවසනවා.

ප‍්‍රදේශයේ තේ කර්මාන්තශාලා හිමියන් පවසන්නේ වෙළෙන්දන් සහ තේ වතු හිමියන් යන දෙගොල්ලම ජලය මිශ‍්‍ර කිරීම සිදුකරන බවට දැන ගැනිමට ඇති බවයි. එසේ ජලයේ දැමූ දළු කිලෝ තිහක ගෝනියක වතුර කිලෝ පහක් පමණ තිබෙනව බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

තේ ආර්ථිකය ආරක්ෂා කර ගැනිම සඳහා කුඩා තේ වතු සංවර්දන අධිකාරියේ හා තේ මණ්ඩලයේ අවදානය මේ සදහා යොමු කරන්නැයි තේ වගා කරැවන් මෙන්ම තේ කේෂත‍්‍රයේ නියුතු පිරිස් ඉල්ලා සිටිනවා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka