gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දුම්රිය දැක දැක තරුණිය බේරා ගන්න පොලිස් නිලධාරීන් දෙන්නා පනී

දුම්රියට පැන සියදිවි නසා ගැනීමට තැත් කළ තරුණියක් විශාල අවධානමකට මුහුණ දී බේරා ගැනීමට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සමත් වී තිබෙනවා.

ඊයේ (25) රාත්‍රී කටුනායක පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙකු විසින් මෙම
තරුණියව බේරාගෙන ඇති අතර පසුව ඇයව අත්අඩංගුවට ගැණුනා.

ඊයේ රාත්‍රියේ මුර සංචාර රාජකාරියේ නියැලී සිටි පොලිස් සැරයන් පෙරේරා සහ ඔහුගේ සහායක පොලිස් කොස්තාපල් ගයාන් සැක කටයුතු ලෙස දුම්රිය මාර්ගය දිගේ ගමන් ගන්නා තරුණියක් පිළිබඳව නිරීක්ෂණය කර තිබෙනවා.

ඒ අනුව වහා ක්‍රියාත්මක වූ මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා අදාළ ස්ථානයට යන විටත්, මෙම තරුණිය දුම්රිය මාර්ගය දිගේ ඉදිරියට ගමන් කරමින් සිට තිබෙනවා.

ඒ වනවිට කොළඹ සිට හලාවත දක්වා ධාවනය වන රාත්‍රී කාර්යාල දුම්රිය පැමිණෙමින් තිබී ඇති අතර මෙම තරුණිය ඒ වනවිටත් දුම්රියට අතිශය සමීප වී සිට තිබෙනවා.

පොලිස් නිලධාරීන් දෙදෙනා ඇයට නොදැනෙන ලෙස වෙනත් මාර්ගයකින් ඇය ගමන් ගත් මාර්ගයට පිවිස විදුලි පන්දමක් ආධාරයෙන් දුම්රියේ වේගය අඩාල කරන ලෙස දුම්රිය රියදුරුට සංඥා කර තිබෙනවා.

ඉන් පසුව මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා අදාළ තරුණිය වෙත පැන දුම්රිය මාර්ගයෙන් පිටතට ඇයව තල්ලු කරමින් වැටී තිබෙනවා.

ඒත් සමගම දුම්රිය ඔවුන් තිදෙනාව පසුකරමින් ගමන් කර තිබුණා. කෙසේවෙතත් දුම්රිය රියදුරා සිතා ඇත්තේ පොලිස් නිලධාරීන් දෙදෙනා දුම්රියේ ගැටෙන්නට ඇති බවයි. ඒ අනුව මද දුරක් ගොස් දුම්රිය නතර කර ගැනීමට දුම්රිය රියදුරුට හැකි වී තිබෙනවා.

අදාළ තරුණිය කළක් විදේශගතව සිට, දැනට කටුනායක ඇගලුම් කම්හලක සේවය කරන පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණියක් වනවා. ඇය කටුනායක කෝවින්න ප්‍රදේශයේ නවාතැන් ගෙන සිටින්නියක් බවත් පොලිසිය සිදු කළ මූලික පරීක්ෂණවලදී අනාවරණය කරගෙන තිබෙනවා.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka