gossip lanka

කොග්ගලට ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යොජනා කළ ආකාරයට ආසන 40000ක ධාරිතාවයකින් යුතු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය කොග්ගල ඉදිරිකිරීමට රජයේ අවධානය යොමුව පවතියි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මහින්ද රාජපක්ෂ ප්‍රධාන ක්‍රිඩා මණ්ඩපය සම්බන්ධයෙන් යුනිස්කෝ සංවිධානය මතුකර තිබෙන ප්‍රශ්නයත්
සමගම නව ක්‍රිඩාංගණයක් ඉදිකිරීමේ කටයුතු කඩිනම් කිරීමටද රජය අපේක්ෂා කරයි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යොජනාවට අනුව ඉදි කෙරෙන ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආසන 40000 ක ප්‍රමාණය ආසන 25000 දක්වා අඩු කිරීමට රජයේ පාර්ශවයන්ට යෝජනා ඉදිරිපත් වී තිබුණි.

එහෙත් දක්ෂිණ අධිවේගි මාර්ගය ඔස්සේ කොළඹ සිට ගාල්ල දක්වා පැයකින් පැමිණිය හැකි නිසා ආසන 40000 ක ක්‍රිඩාංගණයක් ඉදිකිරීම සුදුසු බවට නැවත යෝජනා ඉදිරිපත්ව ඇත.

මීට අමතරව මහනුවර ආකාරයට තවත් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් මාතර කේන්ද්‍ර කර ගනිමින් ඉදි කිරීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර හා තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක යන මහත්වරුන් යොජනාවක් ඉදිරිපත් කර තිබේ.






gossip lanka