gossip lanka

''ආණ්‌ඩුව හෙට අනිද්දා පිංකැටේටත් බදු ගහයි'' - මහින්ද

අද උදාවී තිබෙන තත්ත්වය අනුව ඉදිරි කාලයේදී වත්මන් ආණ්‌ඩුව පිංකැටවලට පවා බදු පැනවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

හිටපු ජනාධිපතිවරයා මෙසේද කීවේය.

''අද අපි නිතරම අහන්නේ බදු ගැහිල්ල ගැනයි. ජනතාවට සුබවාදී දෙයක්‌ ආණ්‌ඩුවෙන් ඇහෙන්නේ නැහැ. මේ විදිහට බදු ගහන්න ගියොත් ජනතාව
මුහුණ පාන ඉරණම ගැන අමුතුවෙන් කියන්න දෙයක්‌ නැහැ. රටේ ජනතාව නිසි වේලාවට නිසි ආකාරයට මෙයාලට පිළිතුරු දෙයි.''

(දිවයින)




gossip lanka