ප්‍රකාශය දෙමලෙන් කළ නිසා විජයකලා ප්‍රශ්ණය වටේ යයි

හිටපු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියගෙන් පොලීසිය ලබාගත් ප්‍රකාශය රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව වෙත යොමුකරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පවසා තිබෙනවා.

එයට හේතු වී ඇත්තේ ඇය ප්‍රකාශය ලබාදුන්නේ දෙමළ භාෂාවෙන් වීම නිසා බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව තවත් ප්‍රකාශ 25ක්ද රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව
වෙත යොමුකිරීමට නියමිතව ඇති බව සඳහන්.

එම ප්‍රකාශ පරිවර්තනය කිරීමෙන් පසුව වාර්තාව සකසා පොලිස්පතිවරයාට ලබාදීමට නියමිතව තිබෙන බව පැවසෙනවා.

ඉන් අනතුරුව පොලිස්පතිවරයා විසින් නීතිපතිවරයාට ලබාදීමට කටයුතු කරන බව අදාළ නිලධාරියා සඳහන් කර ඇති බව පුවත් වාර්තා සඳහන් කරනවා.



gossip lanka