gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාන්පිටි සඳහා මහින්ද අමරවීරගෙන් බද්දක්

කවුරුන් කුමන විරෝධයක් ගෙන ආවද කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස පාන්පිටි සඳහා බද්දක් අය කිරීමේ මෙහෙයුම තමන් දියත් කරන බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කරයි. හෙතෙම මේ බව අවධාරණය කර සිටියේ රාජගිරිය පිහිටි කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පෙරේදා (26දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ශ්‍රී ලංකාව තුළ සහල් නිෂ්පාදනය මේ වනවිට ඉහළ ගොස් ඇති බවත්, එහිදී ගුණාත්මක හා ඉහළ
අස්වැන්නක් සහිත සහල් නිෂ්පාදනයට විශේෂ ස්ථානයක් හිමිව ඇති බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා ජනතාවගේ නීරෝගිභාවය ඉහළ නැංවීම උදෙසා තිරිඟු පිටි ආනයනය අධෛර්යමත් කළ යුතු බවද පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ මෙවර යල කන්නයේදී වී මෙට්‍රික් ටොන් 120,000ක් ගොවීන්ගෙන් මිලටගැනීම සඳහා රුපියල් මිලියන 1.4ක මුදල් ප්‍රතිපාදන රජය මගින් මේ වනවිට වෙන් කර ඇති බවයි.

එහිදී තෙතමනය 14%ක් හා බොල් වී 9%ට අඩු ප්‍රමිතියෙන් යුත් වී මිලට ගැනීමට තීරණය වී ඇති අතර, පී.එම්.බී. රයිස් නමින් වී අලෙවි මණ්ඩලය විසින් වෙළෙඳපොළට සහල් නිකුත් කෙරෙනු ඇති බවත් පැවසූ අමාත්‍යවරයා එම සහල් නිකුත් වීමත් සමග වැඩි මිලට විකිණෙන අනෙකුත් සහල්වල වෙළෙඳ පොළ මිලනිරායාසයෙන් පහළ යනු ඇති බවත් පෙන්වා දුන්නේය.

මෙම ක්‍රියාවලියත් සමග රජයේ සෑම වී ගබඩාවක් සඳහාම වී වියළි කිරීමේ යන්ත්‍ර සවි කිරීමට කටයුතු කෙරෙන බවත්, ඒ අනුව අදාළ යන්ත්‍ර සවි කරමින් වී කිලෝග්‍රෑමයකට මුදල් අය කෙරෙන ලෙස ඊට සම්බන්ධවීමට පෞද්ගලික අංශයට ආරාධනා කරන බවත් හෙතෙම පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka