gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රීලංකන් ජනපති කොමිසමේ කාලය දික්කරයි !

ශ්‍රීලංකන් හා මිහින් ලංකා ගුවන් සේවාවල හා ශ්‍රීලංකන් කේටරින් ආයතනවල සිදු වූ බව කියන අක්‍රමිකතා සෙවීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමේ නිල කාලය තවත් මාස 5 කින් දීර්ඝ කර තිබේ.

කොමිසමේ නිල කාලය හෙටින් අවසන් වීමට නියමිතව තිබූ බව එම කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා සඳහන් කළේය.

ජනපතිවරයා විසින් එහි නිල කාලය දෙසැම්බර් 31
වැනිදා දක්වා දීර්ඝ කර ඇති අතර ඊට අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කර තිබේ.

මේ අතර ආරියදාස කුරේ මහතා පැවසුවේ කොමිසමේ සාක්ෂි විභාගය අද (01) ත් පැවැත්වෙන බව ය.

ශ්‍රීලංකන්, මිහින් හා ශ්‍රීලංකන් කෙටරින් යන ආයතනවල සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම කොමිසම පත් කළේ, ඉකුත් පෙබරවාරි 14 වැනිදාය.

විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා සභාපතිත්වය දරණ එම කොමිසමේ සෙසු සමාජිකයින් වන්නේ අභියාචනාධිකරණ විනිසුරු ඊ.ඒ.ජී.ආර්. අමරසේකර, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, විශ්‍රාමලත් විගණකාධිපති එම්.ඩී.ඒ. හැරල් යන මහත්වරුන් සහ ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සංගමයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.ජේ.කේ. ගීගනගේ මෙනවියයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka