gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකා-සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම් විවාදය අද

ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදය අද (17) පාර්ලිමේන්තුවේ දී පැවැත්වේ.

ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙම විවාදයට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර මෙම විවාදය පස්වරු 6.30 දක්වා පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම ප්‍රධාන
වශයෙන් සේවා, ආයෝජන, සනීපාරක්ෂක හා ‍ජෛවමිතික මෙහෙයුම්, වෙළෙඳාම සඳහා වන තාක්ෂණික බාධක ඉවත් කිරීම, වෙළෙඳ පිළිසරණ සහ ආරවුල් නිරවුල් කිරීම, රේගු සම්බන්ධතා සහ වෙළෙඳ පහසුකම් සැපයීම, ආර්ථික හා තාක්ෂණික සහයෝගීතාව, රජයේ ක්‍රමසම්පාදන, විද්‍යුත් - වාණිජ හා බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ආදිය ආවරණය වේ.

ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් මෙරට නිෂ්පාදන හා සේවා අංශයන්ට සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම, ගෝලීය නිෂ්පාදනය හා අගයදාමයන් සමඟ සම්බන්ධවීම ආදිය ද මූලික අභිමතාර්ථ අතර වේ.

ආර්ථීකයේ තීරණාත්මක සන්ධිස්ථානයකට:

ශ්‍රී ලංකා හා සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළව ඒකාබද්ධ විපක්ෂය ගෙන එන සභාව කල් තැබීමේ විවාදයට ආණ්ඩුව නියෝජ නය කරමින් මැති ඇමතිවරු කිහිපදෙනෙකුම අදහස් දැක්වීමට නියමිත අතර, ශ්‍රී ලංකාව-සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම යනු ශ්‍රී ලංකාව ලෝක ආර්ථීකයේ තීරණාත්මක සන්ධිස්ථානයකට ගෙන යන ගිවිසුමක් බව සංවර්ධන උපාය මාර්ගික හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

එමෙන්ම කලාපයේ වඩාත්ම නිදහස් (ලිබරල් ) ආර්ථිකයක් ඇති, දැඩි නීතිමය පසුබිමක් සහිතව ක්‍රියාකරන, ගෝලීය වශයෙන් සක්‍රීය සහ දියුණු කළමනාකරණ, ආයතනික දක්ෂතා සහිත පුරවැසියන්ගෙන් හා ව්‍යුහයන්ගෙන් සැදුම්ලත් සිංගප්පුරුව වැනි රාජ්‍යයක් සමඟ මෙලෙස වෙළෙඳ ගිවිසුම් ගතවීම නිසැකවම ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයේ ඊළඟ මට්ටම ළඟා කර දෙන ඵලදායි ආර්ථීක ප්‍රතිසංස්කරණ ක්‍රියාවකට මඟ පෑදෙන බව රජය සඳහන් කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka