gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මන්ත්‍රී ප්‍රසන්න රණවීරට පාර්ලිමේන්තු තහනමක්

 පාර්ලිමේන්තුවේදී අශෝභන ලෙස හැසිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාට ස්ථාවර නියෝග සහ වරප්‍රසාද යටතේ තාවකාලික පාර්ලිමේන්තු තහනමක් පැනවීමට නිර්දේශ ලබා දීමට පියවර ගෙන තිබේ.

පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවේ ජ්‍යේෂ්ඨ සමාජිකයෙකු සඳහන් කෙළ්, ඊයේ වරප්‍රසාද කමිටුව
හමුවට පැමිණි මන්ත්‍රීවරයා සිය වරද පිළිගත් බවයි.

එම දඬුවම යටතේ අවමය වශයෙන් සති 4ක කාලයක් පාර්ලිමේන්තු තහනමක් හිමිවිය හැකි බව ද ඔහු පැවසී ය.

අවස්ථා දෙකකදී මන්ත්‍රීවරයා අශෝභන ලෙස හැසිරීම හේතුවෙන් පාර්ලිමේන්තු තහනමට අදාළ නිර්දේශ ලබාදීමට කමිටුව තීරණය කළ බව ද එම සමාජිකයා ප්‍රකාශ කළේ ය.

ඔහු පැවසුවේ, අශෝභන ලෙස හැසිරුණු මන්ත්‍රීවරයාට අවවාද කිරීමට මීට පෙර පියවර ගෙන තිබූ බවයි.

එහෙත් පසුගිය 3 වන දා පාර්ලිමේන්තුවේ විවාදයක් අතරතුර අශෝභන ලෙස හැසිරෙමින් සෙංකෝලය රැගෙන යාමට මන්ත්‍රීවරයා උත්සහ කිරිම හේතුවෙන් එම පියවර ගත් බව වරප්‍රසාද කමිටුවේ ජ්‍යේෂ්ඨ සමාජිකයා පැවසී ය.

ප්‍රසන්න රණවීර මහතා සම්බන්ධයෙන්, ඊයේ රැස්වූ පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ අද දිනය කථානායක කරු ජයසූරිය මහතාට භාරදීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළේ ය.

පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවේ ජ්‍යේෂ්ඨ සමාජිකයා පැවසුවේ, පසුගිය 3 වන දා පාර්ලිමේන්තුවේ අශෝභන ලෙස හැසිරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ද පරීක්ෂණ සඳහා ඉදිරි දිනක වරප්‍රසාද කමිටුව හමුවට කැඳවීමට නියමිත බවයි.

පසුගිය දා පාර්ලිමේන්තුවේ ඇති වූ එම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට සම්බන්ධ ආයතනයක් විශේෂ සමීක්ෂණයක් ද සිදුකර තිබේ.

පාර්ලිමේන්තුවේ ජේෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මහජන මතය අනුව 96%ක් අදාළ සිදුවීම හෙළා දැක ඇති බව සමීක්ෂණයෙන් අනාවරණය වී ඇති බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka