gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගල් බනිස් වර්ජනයක්.. ගල් බනිස් ගෙඩියක් හදන්න ඩීසල් ලීටර කීයක් යනවාද..

සමස්ත ජනතා පාරිභෝගික සංවිධානය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

පසු ගිය දින එකවරම තේ කෝප්පයක මිල රු.5/-කින් අඩු කරන බව හා ගල් බනිස් ගෙඩියක් රු5 කින් වැඩිකරන බව මාධ්‍ය මගින් සංදර්ශනයක් පවත්වන්නට ඊනියා සංවිධානයන් විසින් කටයුතු සිදුකරනු ලැබීය.මෙම ජවනිකා හුදෙක් මාධ්‍ය
සංදර්ශනයන් පමනක් බව පැවසීමට කැමැත්තෙමු.

රජය මගින් ගෑස් මිල වැඩි කල විට ,රජයේ ආයතන වල විදුලි බොයිලේරුවෙන් හා කේතලයෙන් වතුර උණු කර තේ හදන ආපනශාලා වලට තේ කෝප්පයක මිල වැඩිකිරීමට එම ඊනියා සංවිධානයන් තප්පුලන අතර සැබෑවටම ගෑස් මගින් ඉවුම් පිහුම් කරන ආහාර පාන මිල අඩු නොකිරීමට හේතු ලෙස පවසන්නේ ඉතිරි කාසි දීමට රට තුල සිල්ලර කාසි නොමැති බවයි.

මේ අතර ඉන්ධන මිල රු.8/_කින් වැඩිවුන විට බේකරි හිමියන් ගල් බනිස් ගෙඩියක් රු5/-කින් වැඩි කරන බව පවසයි.අපට අසන්නට ඇත්තේ ගල් බනිස් ගෙඩියක් තැනීමට ඩීසල් ලීටරයක් වැයවනවාද කියාය.

2015 වර්ෂයට පෙර පාන් පිටි කිලෝවක මිල කීයද?ගෑස් සිලින්ඩරයක මිල කීයද?විදුලි ඒකකයක මිල කීයද?තවමත් එම මිලට වඩා අඩුව පවතී..එසේනම් අද තප්පුලන සංවිධාන එදා අඩුවීමට සාපේක්ෂව බේකරි නිෂ්පාදන මිල අඩු නොකලේ මන්ද යන්න අප ප්‍රශ්න කර සිටිමු.

එම සංවිධානයන් හා සැබෑ ව්‍යාපාර අතර වෙනසක් ඇත..මාධ්‍ය සංදර්ශන වලට අනුව ව්‍යාපාර නොකරන බව අද වෙලදපලේ ගල් බනිස් මිල අනුව පෙනීයයි. මිල වැඩිකිරීමට සැබෑ ව්‍යාපාර ප්‍රජාව කටයුතු සිදුකර නැත.එ ඔහුන් රදා පවතින්නේ පාරිභෝගිකයා මත වීමය..

අප සංවිධානය සමස්ත රට වැසියන්ගෙන් ඉල්ලීමක් කිරීමට කැමැත්තෙමු..තෙල් මිල වැඩි කිරීමට සාපේක්ෂව බනිස් මිල වැඩි කිරීමට විරෝධය පෑමක් ලෙස සතියක් පාන් හැර බේකරි නිෂ්පාදන මිලදි නොගෙන පාරිභෝගික විරෝධය රටට පෙන්වන ලෙස ඉල්ලා සිටිමු.

ජෙහාන් ප්‍රනාන්දු
සභාපති
සමස්ත ජනතා පාරිභෝගික සංවිධානය


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka