gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සිවිල් ආරක්ෂකයින්ගේ ස්ථිර පත්වීම්වලට බාලගිරි දෝෂය

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින්ට මේ වන තෙක් සිය සේවය ස්ථාර කිරීමට ආදාළ පත්වීම් ලිපිය ලබා දී නැතැයි වාර්තා වේ.

හතලිස් දෙදහසකට ආසන්න සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයින් පිරිසක් සිටින අතර මේ වන විට එය තිස් හත්දහසක් දක්වා අඩුව ඇති බවද පැවසේ.

යහපාලන ආණ්ඩුව බලයට පත්වු පසු 2015 අප්‍රේල්
23 වැනිදා එම සමාජිකයින්ව ස්ථාර සේවයට ගන්නා බව සදහන් කරමින් වසර තුනක පරිවාස කාලයකට යටත් කරනු ලැබීය.

අදාළ පරිවාස කාලය ගෙවී මේවනව විට මාස තුනක කාලයක් ගතව ඇතත් ඒ සඳහා මෙතෙක් ස්ථිර පත්වීම් ලබාදී නොමැත.

මේ සම්බන්ධයෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජනරාල් නිර්මාල් කොස්වත්ත මහතාගෙන් කළ විමසීමකදී ඒමහතා පැවසුවේ තමන් මෙම තනතුරට පත්වූයේ පසුගිය සතියේ බවත්, අධ්‍යක්ෂ ජනරාල් ධූරය පුරප්පාඩු වී තිබීම නිසා එම පත්වීම් ලිපිවලට අත්සන් කිරීම ප්‍රමාදවන්නට ඇති බවයි.

ඒ අනුව සිවිල් ආරක්ෂක නිළධාරින්ට ස්ථාර පත්වීම් ලබාදීමේ කටයුතු හැකි ඉක්මනින් ආරම්භ කරන බවද ඔහු කීය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka