gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකා ක්‍රිකට් තවත් වාර්තාවක් ඉවරයි - සනා, උපුල් තැබූ අසමසම වාර්තාවකට සිදුවූ දේ!

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව විසින් තැබූ තවත් වාර්තාවක් අද දින බිද වැටුනා. ඒ ආරම්භක පිතිකරු උපුල් තරංග සහ සනත් ජයසූරීය විසින් මුල්ම කඩුල්ලට තැබූ ලකුණු 286ක සම්බන්ධතාවයේ වාර්තාවයි. එක්දින තරගයක ආරම්භක කඩුල්ලට වැඩිම සම්බන්ධතාවය ලෙස එම වාර්තාව මෙතෙක් කල් පැවතුනා.

කෙසේ වෙතත් සිම්බාබ්වේ සහ පාකිස්තානය අතර දැන් පැවැත්වෙන තරගයේදී පාකිස්තාන ආරම්භක පිතිකරුවන් යුවල
වන ෆකර් සමාම් සහ ඉමාම් උල් හක් විසින් මෙම වාර්තාව බිද දැමුවා. ඔවුන් පලමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 304ක වාර්තාවක් තැබීමට සමත් වූවා. තරගයේ 41 වෙනි පන්දුවාරයේ අවසන් පන්දුවට ලකුණු 113ක් රැස් කර සිටි ඉම්මා උල් හක් දැවි යන විටත් ඔවුන් මෙම වාර්තාව තමන් සතු කරගෙන අවසන්.

2006 වසරේ එංගලන්තයේ ලීඩ්ස් හි පැවති තරගයේදි උපුල් තරංග සහ සනත් ජයසූරීය ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 286ක් රැස් කරමින් මෙම වාර්තාව පිහිට වූවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka