දකුණු අප්‍රිකාවට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි

ජුනි  29 වනදා ආරම්භ වන දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහි තරග පහකින් යුත් එක්දින තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සදහා ඇන්ජලෝ මැතිව්ස් නම් කර ඇති අතර උපුල් තරංග, කුසල් ජනිත් පෙරේරා, දසුන් ශානක, තිසර පෙරේරා, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, කසුන්
රාජිත, ලක්ෂාන් සදකැන්, අකිල ධනංජය, ෂෙහාන් ජයසුරිය සංචිතයට ඇතුලත් කර තිබෙනවා.

මිට අමතරව නවක ක්‍රීඩක ප්‍රභාත් ජයසුරිය සංචිතයට කැඳවා තිබෙනවා.



gossip lanka