gossip lanka

දියතලාව කඳවුරේ සේවය කරන කතක් පවත්වාගෙන ගිය ගණිකා ව්‍යාපාරය හසුවෙයි

දියතලාව යුධ හමුදා කඳවුරට නුදුරින් “අලුත්ඇළ” මාවතෙහි දෙමහල් නිවසක පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් පෙරේදා(23) සවස වටලා තිබෙනවා.

මෙය පවත්වාගෙන ගොස් ඇත්තේ යුද හමුදා ආරක්ෂක විද්‍යා පීඨ‍යේ සිවිල් කාර්යමණ්ඩලයට අයත් කම්කරු කාන්තාවක් විසින් බවයි හෙළි වී තිබෙන්නේ.

එම කාන්තාව සමග අදාළ නිවසෙහි ගණිකා වෘත්තියේ යෙදුණු
කාන්තාවන් දෙදෙනෙක් ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගණිකා නිවාසය පවත්වාගෙන ගිය කාන්තාව එම ප්‍රදේශයේම පදිංචි 47 හැවිරිදි වියේ පසුවන්නියක්.

අනෙක් කාන්තාවන් දෙදෙනා අවුරුදු 17 සහ 46 යන වයස්වල පසුවන කඩවත හා ආනමඩුව ප්‍රදේශවල පදිංචිකාරිනියන් බවයි සඳහන් වන්නේ.

බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාස දූෂණ මර්ධන අංශය මෙම වැටලීම සිදු කර ඇති අතර අත්අඩංගුවට පත්වූ කාන්තාවන් ඊයේ (24) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.


gossip lanka