gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කලකට පසුව තිරික්කල් රෙස් තරගාවලියක්

පැරණි සම්ප්‍රදායන්ට ජීවයක් දෙමින් අනාදිමත් කාලයක සිට පැවත එන ගවයින් බැදී තිරික්කල් රේස් මේ දිනවල යාපනය දිස්ත්‍රීක්කයේදී දැක ගත හැක.

යාපනය කෝපායි ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කොට ඇති මෙම තිරික්කල් රේස් තරගාවලිය සඳහා යාපනයේ ඉතා ජවසම්පන්නම ගවයින් සහභාගී
කරවීමට ගවයින් හිමිකරුවන් විසින් පියවර ගෙන තිබූණි.

මේ අනුව යාපනයේ සිටි ජවසම්පන්න මෙන්ම අත්දැකීම් ඇති ගවයින් 41 දෙනෙකු මෙම තිරික්කල් රේස් තරගය සඳහා සහභාගී වී සිටි අතර එය දැක බලා ගැනීමටද යාපනයේ විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

පැවති තරගයන්ගේන් ජයග්‍රාහකයින්ට වටිනා ත්‍යාග හා සියලු ගවයින් සඳහා ආහාර පාන ලබා දීමටද කෝපායි ප්‍රාදේශීය සභාවේ සභාපති නිරෝෂ් ත්‍යාගරාසා මහතා ඇතුලු පිරිස සංවිධානය කොට තිබුණි.

පැරණි තිරික්කල් රේස් නැවත කරලියට ගෙන ඒම සම්බන්ධයෙන් කෝපායි ප්‍රාදේශීය සභාව මගින් පෙන්වා දෙන්නේ පැරණි සම්ප්‍රදායන් වර්ථමානය වන විට අමතක වී ඇති හෙයින් එම අත්දැකීම් වර්ථමාන ජනතාවටද දැකබලා ගැනීමට අවස්ථාවක උදා කල බවටයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka