gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එල්ලා මැරීම නිර්දේශ කරන කමිටුව රැස්‌වෙයි

මත්ද්‍රව්‍ය චෝදනා මත සිරගතව සිටිමින් එම ජාවාරමෙහි නිරත වන්නන්ට මරණීය දණ්‌ඩනය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද කමිටුව පළමු වරට ඊයේ (24 දා) රැස්‌ වී ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අධිකරණ හා බන්ධනාගාර ඇමැති තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම්
කාර්යාලයේදී රැස්‌ වී ඇති එම කමිටුව සඳහා අධිකරණ බන්ධනාගාර සහ නීති ක්‌ෂේත්‍රයේ නියෝජිතයෝ කිහිප දෙනෙක්‌ සහභාගි වී ඇත.

මත්ද්‍රව්‍ය වැරදි සඳහා මරණ දඬුවම නියම වී සිටියදී තවදුරටත් එවැනි වැරදි ක්‍රියාවල නිරත වන පුද්ගලයන් සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීතිමය පසුබිම පිළිබඳව සොයා බලන ලෙස ජනාධිපතිවරයා එහිදී කමිටුව හමුවේ උපදෙස්‌ ලබාදී තිබේ.

ඒ සඳහා අවශ්‍ය නිර්දේශ ඉක්‌මනින් සකස්‌ කර ලබාදෙන ලෙසත් එවැනි පුද්ගලයන්ට එරෙහිව මරණ දඬුවම ඉක්‌මනින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පරිදි අදාළ කටයුතු සම්පාදනය කරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස්‌ ලබාදී ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka