gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

21 වැනි සියවසේ දිගම චන්ද්‍රගහණය අනිද්දා

විසි එක් වැනි සියවසේ දීර්ඝම චන්ද්‍රග්‍රහණය ජූලි 27 වැනිදාට යෙදෙන පසළොස්වක පෝයදා රාත්‍රි 10.45ට ශ්‍රී ලංකාවාසීන්ට දැක ගත හැකි යැයි නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනය සඳහන් කරයි. එම චන්ද්‍රග්‍රහණය පැය 1යි මිනිත්තු 42ක් පමණ වන අතර සම්පූර්ණ චන්ද්‍රග්‍රහණයට පැය 4ක් පමණ ගතවනු ඇත.

රාත්‍රි 10යි විනාඩි 44 තත්පර 49ට චන්ද්‍රග්‍රහණය
ආරම්භ වේ.

උපරිම අවස්ථාව අලුයම 01යි විනාඩි 52යි තත්පර 54ටද, අලුයම 04.58 තත්පර 37ට චන්ද්‍රග්‍රහණය අවසන් වනු ඇති බව එම ආයතනය පවසයි.

චන්ද්‍රයා පෘථිවිය වටා ගමන් කරන කක්ෂය ඉලිප්සාකාර වේ. ඉලිප්සාකාර මාර්ගය චන්ද්‍රයා ගමන් කරන විට චන්ද්‍රයා පෘථිවියට ළඟම අවස්ථාව "පෙරිජි" ලෙසද පෘථිවියට දුරින් පිහිටන අවස්ථාව "ඇපෝගී" ලෙසද හැඳින්වේ. මෙම චන්ද්‍රග්‍රහණය අවස්ථාවේ චන්ද්‍රයා පෘථිවියට දුරින්ම පිහිටන අවස්ථාවේ "ඇපෝගී" පිහිටන නිසා චන්ද්‍රයා පෘථිවියේ සෙවණැල්ල හරහා යෑමට වැඩි කාලයක් ගතවේ. මේ හේතුවෙන් චන්ද්‍රග්‍රහණයේ කාලය දීර්ඝ වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka