gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අයි.සී.සී.යේ ප්‍රමාදයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් අමාරුවේ වැටිලා !

කොදෙව් සංචාරය අතරතුර තරගයකදී නායක දිනේෂ් චන්දිමාල්ට පන්දුව වෙනස් කිරීම සහ පලුදු කිරීමේ චෝදනා එල්ල වූ අවස්ථාවේදී තරග වැදීම ප්‍රතික්‍ෂේප කිරීම හේතුවෙන් චෝදනා ලැබ සිටින නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ, කළමනාකරු අසංක ගුරුසිංහට එරෙහිව දඬුවම් නියම කිරීම අයි.සී.සී. ය විසින් අද (11) දක්වා කල්දමා තිබේ.

අදාළ දඬුවම් නියම කිරීම ඊයේ (10) සිදු කරනු ලබන
බව මීට පෙර දක්වා තිබිණි.

කෙසේවුවද, මෙසේ දඬුවම් නියම කිරීම කල් දැමීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශාල පරිපාලන අපහසුතාවකට ලක්ව ඇති බව පැවසේ.

ඒ හෙට (12) වැනිදා ශ්‍රී ලංකාව හා සංචාරක දකුණු අප්‍රිකානු පිල සමඟ ගාල්ලේදී ආරම්භවීමට නියමිත පළමු ටෙස්ට් තරගය ආරම්භවීමට නියමිත වුවද ඒ සඳහා නායකයා, පුහුණුකරු හා කළමනාකරු තෝරා ගැනීමට නොහැකිවීමෙනි.

මෙසේ තරගයක් ආසන්න වනතෙක්ම අදාළ තීන්දුව ලබාදීම කල් හැරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අයි.සී.සී. යෙන් කිසිදු විමසීමක් සිදු කර නොමැති බවද පැවසේ.

එවැනි විමසීමක් සිදු කිරීමට තරම් දැනුම ඇත්තෙකු මේ මොහොතේ ක්‍රිකට් පරිපාලනයේ නොසිටීම මේ තත්ත්වයට හේතුව බව ක්‍රිකට් විචාරකයෝ පෙන්වා දෙති.

කෙසේවුවද ඇතැම් විචාරකයන් පෙන්වා දෙන්නේ මෙරට පරිපාලන දුර්වලතාවලින් ප්‍රයෝජන ලබාගනිමින් අයි.සී.සී.ය මෙරට ක්‍රිකට් ක්‍රිඩාව තව තවත් පරිහානියට පත් කිරීමට මෙය සිතාමතා සිදුකරන්නේද යන්න සැක සහිත බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka