gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

A-9 මාර්ගයේදී කන්ටේනර් රථයේ ගැටුණු බස් රථය දෙකට කැඩෙයි (video)

යාපනය මහනුවර A-9 ප්‍රධාන මාර්ගයේ පුලියන්කුලම් ප්‍රදේශයේදී අද (11) අළුයම සිදු වූ රිය අනතුරකින් දෙදෙනෙකු මිය ගොස් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවට පුලයින්කුලම් පොලිසිය කියා සිටිනවා.

 වවුනියාවේ සිට කිලිනොච්චිය දෙසට ගමන් කරන ලද කන්ටේනර් රථයක් සහ කිලිනොච්චිය සිට
වව්නියාව දෙසට ගමන් කරන ලද බස් රථයක් මෙසේ අනතුරට ලක්ව ඇති අතර බස් රථය හා කන්ටේනර් රථය අධික වේගයෙන් ගමන් කොට වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට මූලික පරික්ෂණ සිදු කරන පුලියන්කුලම් පොලිසියට අනාවරනය වී තිබේ.

අනතුරින් මියගොස් ඇත්තේ බස් රථයේ ගමන්කල කාන්තාවක් හා කන්ටේනර් රථයේ රියදුරු වන අතර තුවාල ලැබූ තිදෙනාගෙන් බස් රථයේ රියදුරුගේ තත්වයද ඉතා බරපතල තත්වයක ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් මිය ගොස් ඇත්තේ කන්ටේනර් රථයේ රියදුරු වූ පල්ලියවත්ත උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචි ජයමහමුදලිගේ දොන් උජිත් දේශාන්ත හා මිය ගිය බස් රථයේ කාන්තාව වූ කිලිනොච්චිය සෙල්වනගර්හි පදිංචි කිංස්ලි අරුලයියා ජයරාසා සරෝජනී දේවි නැමති අයයි.

අනතුරට පත් බස් රථය කිලිනොච්චියේ සිට ගුවන්තොටුපල දක්වා ගමන් කර ඇති අතර කන්ටේනර් රථය වව්නියාවේ සිට කිලිනොච්චියේ යුද හමුදා කඳවුරක් වෙතට ධාවනය වී ඇති බවටත් අනාවරණය වී ඇති අතර අනතුරු සම්බන්ධයෙන් පුලියන්කුලම් පොලිස් අධිකාරී ෆොන්සේකාගේ උපදෙස් පරිදි පුලියන්කුලම් පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක වී.එස්.ඩී. විතානගේගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර පරික්ෂණ කටයුතු සිදුකෙරෙනවා.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka