gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඒකාබද්ධය සීනිගමදී ආණ්ඩුවට පොල් ගසයි (photos)

රජය මේ වන විට ගෙන යන මර්දනකාරී වැඩ පිළිවෙලට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරනු ලැබු දේව කන්නලව්වක් හා පොල් ගැසීමක් අද (11) දින හික්කඩුව සීනි ගම දේවාලයේ දී පැවැත්විණි.

ජීවන බර වැඩිවීම, වර්තමාන ආණ්ඩුවේ දුෂිත පාලනය ,දේශපාලන වශයෙන් කෙරෙන චරිත ඝාතන සහ පාතාලය හිස එසවීමට විරුද්ධව, මෙම පොල් ගැසීම සිදුවිය.එම අවස්ථාවේ දී එහි පැවති
වර්ෂා තත්ත්වය ද සැලකිල්ලට නොගත් පැමිණි පිරිස පළමුව විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් දේවාලය ඉදිරිපිට රැඳී සිටි අතර පසුව මල් පහන් පුජා කිරීම සිදු කරන ලදී. පසුව දේවාලයට ගිය පිරිස දේව කන්නලව්වක් කිරීම සිදු කර පොල් ගැසීම සිදුකරන ලදී.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම, රෝහිත අබේගුණවර්ධන, ගාමිණී ලොකුගේ, මොහාන් සිල්වා, රමේෂ් පතිරණ, ඇතුළු පිරිසක් සහ දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන් ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් මේ සදහා සහභාගී වී තිබිණි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka