gossip lanka

සිංහල කතා කළ වරදට අතපය කඩා දාලා

ඉකුත් විසිහතර වැනිදා මිලානෝ නගරයේ වීදියක තම ඡංගම දුරකථනයෙන් සිංහලෙන් කතාකරමින් ගමන් කරමින් සිටි ශ‍්‍රී ලාංකිකයකුට සිංහලෙන් කතාව නොරිස්සූ ඉතාලි ජාතිකයකු විසින් පහරදී, අතපයට බරපතල හානි සිදුකර ඇති බව මිලානෝ පොලිස් මූලස්ථානය වාර්තා කරයි.

පොලිස් වාර්තාවට අනුව, ජුලි මස විසි හතරවැනිදා පස්වරු එකයි තිහට පමණ මිලානෝ නගරයේ වීදියක ඡංගම දුරකථනයෙන් සිංහලෙන් කතාකරමින්
ගමන් කරමින් සිටි හතළිස් දෙහැවිරිදී ශ‍්‍රී ලාංකිකයකුට, සිංහලෙන් කතාව නොරිස්සූ ඉතාලි ජාතිකයකු විසින් සිංහල කතාව නතර කරන ලෙස පිහියක් පෙන්වා තර්ජනය කර ඇත.

මෙම අවස්ථාවේ තර්ජනකරු නිරායුධ කිරීමට දැරූ උත්සහයේදී ශ‍්‍රී ලාංකිකයා බිම ඇදවැටී ඇත. මෙම අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත් කළහකරු ශ‍්‍රී ලාංකිකයා මතට පැන පහරදී, අතට සහ පාදයකට බරපතල හානි සිදුකර පලාගොස් ඇත.

පසුව පොලීසිය සහ ගිලන්රථ සේවා මැදහත්වීමෙන් තුවාලකරු මිලානෝ නගරයේ ප‍්‍රධාන රෝහලකට ප‍්‍රථමාධාර සඳහා ඇතුළත් කර ඇති අතර, සිද්ධිය දුටුවන්ගේ සාක්කි මත පහරදුන් ඉතාලි ජාතිකයා අත්අඩංගුවට ගෙන ඇත. මොහු නාපෝලි ප‍්‍රදේශයේ කසෙර්තා නගරයේ පදිංචි පනස් හැවිරිදී පුද්ගලයකු බව හෙළිවී ඇත.

පහරකෑමට ලක්වූ ශ‍්‍රී ලාංකිකයාගේ එක් අතක වැලමිටේ සහ පාදයක දණහිස කටු පුපුරා ගොස් ඇති බැවින් දින හතළිහක කාලයක් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවීමට සිදුව ඇති අතර, පහර දුන් ඉතාලි ජාතිකයා ඇප මත මුදාහැර ඇති බව මිලානෝ පොලිසිය වැඩි දුරටත් කියයි.

gossip lanka