gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ධීවරයින් ධීවර පරික්ෂක කාර්යාලය වටලා විරෝධතා…

මුලතිව්හි තහනම් දැල් ආම්පන්න යොදාගනිනමින් ධීවරයින් මසුන් ඇල්ලීම හේතුවෙන් ගැටලු රැසක් මතුවී ඇති බව පවසමින් මුලතිව් ධීවරයින් විශාල පිරිසක් සහකාර ධීවර පරික්ෂක කාර්යාලය වටලා උද්ඝෝෂණයක නිරත වීම හේතුවෙන් තහනම් දැල් ආම්පන්න නැවත්වීමට ධීවර බලධාරීන් පියවර ගෙන ඇත.

මුලතිව් කල්ලප්පාඩු ප්‍රදේශයේ පිහිටි සහකාර ධීවර
පරික්ෂක කාර්යාලයේ මුලතිව්හි සියලුම ධීවර සංගම් නියෝජිතයින් සමග මුලතිව් ප්‍රාදේශීය ලේකම් වරු හා සහකාර ධීවර පරික්ෂක කාර්යාල නිලධාරීන් අතර විශේෂ හමුවක් පැවතුනේ අදාල තහනම් ධීවර ආම්පන්න ගැටලුව විසඳීම සඳහාය.

අදාල සාකච්ඡාවේදී තහනම් දැල් භාවිතයට පිළිගත හැකි විසඳුමක් නොලැබීම මත මුලතිව් සියලු ධීවරයින් එක්ව ධීවර පිරික්සක කාර්යාලය ඉදිරිපිට වාඩි වෙමින් උද්ඝෝෂනයක නිරත වුනේ ගැටලුවට විසඳුමක් ලබා දෙන තුරු නිලධාරීන්ට පිටව යාමට නොදෙන බව පවසාය.

එහිදී අවසානයේදී ධීවර පරික්ෂක නිලධාරීන් ඇතුලු රජයේ නිලධාරීන් විසින් උද්ඝෝෂකයින්ට පොරොන්දු වූවේ මුලතිව් මුහුදේ තහනම් දැල් ආම්පන්න යොදාගනිමින් ධීවර කටයුතු සිදු කිරීම තහනම් කරන බවටත් එසේ තහනම් දැල් ආම්පන්න යොදා මසුන් අල්ලන ධීවරයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවටත් පොරොන්දු වීමෙන් පසුව උද්ඝෝෂණය නවතා දැමීමට පියවර ගන්නා ලදි.

උද්ඝෝෂණයේ නිරත වූවන් වැඩි දුරටත් කියා සිටියේ මසුන් ඇල්ලීම සඳහා බොහෝ ධීවරයින් ඩයිනමයිට් බෝම්බ යොදා මසුන් ඇල්ලීම නිසා කුඩා මසුන් විශාල පිරිසක් මිය යන බවටත් ලයිලා සුරුක්කු වැනි තහනම් දැල් ආම්පන්න යොදා මසුන් ඇල්ලීම මගින් මුලතිව්හි කුඩා මසුන් විනාශ වන අතරම සාගර සම්පත්ද දැඩි ලෙසන් විනාශ වී පාරසරික ගැටලු රැසකටද මුහුණ පෑමට සිදුව ඇති බවටයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka