gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

‘පොදුජන රල’ සමග පොහොට්ටුව රට වටා..

ආණ්ඩුව විසින් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි ලෙස කල් දමමින් සිටින පළාත් සභා මැතිවරණය දිනාගැනීම සහ ආණ්ඩුවේ ජනතා විරෝධී වැඩපිළිවෙලට එරෙහිව ආසන මට්ටමින් දැවැන්ත සම්මන්ත‍්‍රණ මාලාවක් පැවැත්වීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානමින් සිටී.

”පොදුජන රළ” ලෙස නම් කර ඇති මෙම සම්මන්ත‍්‍රණ මාලාව ආණ්ඩු විරෝධයේ ජාතික හටන
යන තේමාව යටතේ රටපුරා පැවැත්වීමට නියමිතයි.

බැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් මෙහෙයවන මෙම සම්මන්ත‍්‍රණ මාලාවේ පළමු අදියර ජූලි මස 14, 15, 21, 22, 28 සහ 29 යන දිනවල දී පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් කර ඇත.

දැනට නිල කාලය අවසන් වී ඇති උතුරු මැද, සබරගමුව සහ නැගෙනහිර යන පළාත් සභා බලප‍්‍රදේශ 03 ටත් එළැඹෙන ඔක්තෝම්බර් මාසයෙදී නිල කාලය අවසන් වීමට නියමිත වයඹ, මධ්‍යම සහ උතුර යන පළාත් සභා 03 ටත්, ප‍්‍රමුඛතාව ලබාදෙමින් පොදුජන රළ සම්මන්ත‍්‍රණ මාලාව පැවැත්වේ.

ඩලස් අලහප්පෙරුම, කුමාර වෙල්ගම, රෝහිත අබේගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, පවිත‍්‍රා දේවිවන්නිආරච්චි, ප‍්‍රසන්න රණතුංග, ඉන්දික අනුරුද්ධ යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්, ආචාර්ය නාලක ගොඩහේවා යන මහත්වරුන් මෙම ජනහමුවල කථිකයන් ලෙස සහභාගී වීමට නියමිතය.

සංජීව එදිරිමාන්න
ප‍්‍රකාශක
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka