gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

IOC තෙල් මිල අඩු නොවේ

පැරණි මිලටම ඉන්ධන අලෙවි කරන්නැයි තමන් වෙත කිසිඳූ නිල දැනුම් දීමක් මේ දක්වා නොලැබුණු බව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පවසනවා. ඒ අනුව සිය පිරවුම්හල් වල දැන් ඉන්ධන අලෙවි කරන්නේ නව මිලට බවයි එහි උප සභාපති සිද්ධාර්ත් අග්‍රවාල්  කියා සිටියේ.

ඉන්ධන මිල වැඩිකරන බවට ලංකා ඛණිජ තෙල් සංස්ථාව ඊයේ රාත්‍රි නිවේදනය කිරිමෙන් පසු ලංකා
ඉන්දියන් ඔයිල් සමාගමද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල වැඩිකළා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් අද සිට රුපියල් 146කට අලෙවි කරන බවයි ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පැවසුවේ. කෙසේවෙතත් ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් මිල වැඩිකරන බව ප්‍රකාශ කළේ රුපියල් 145ක් දක්වායි.

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ එක්ස්ට්‍රා ප්‍රීමියම් යුරෝ ත්‍රී පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 149ක්ද, එක්ස්ට්‍රා ප්‍රිමියම් ඔක්ටේන් 95 යුරෝ ෆෝ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 158ක්ද වනවා. කෙසේවෙතත් ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල වැඩිකිරීමට තිරණය වුයේ රුපියල් 155ක් දක්වායි.

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 118ටයි දැන් අලෙවි කරනවා. යුරෝ ෆෝ සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 129ක්. ලංකා ඛණිජ තෙල් සංස්ථාව ඩීසල් සහ සුපර් ඩීසල් මිල වැඩිකිරීමට තිරණය කර තිබුණේද මීට සමාන ලෙසයි. ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ ඩීසල් එක්ස්ට්‍රා මයිල් ලීටරයක මිල රුපියල් 122ක් වනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka