gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හංගේරියාවෙන් බස් 1000ක් – රියැදුරන් සහ තෙල් ලංගමයෙන්

හංගේරියානු පෞද්ගලික සමාගමකට අයත් බස් රථ 1000 ක් ශ්‍රී ලංගම මගින් ධාවනය කිරීමට ගිවිසුමකට එළඹ ඇති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පැවසීය.

එම බස් රථ දහස සඳහා ගෙවීම් ධාවනය වන කිලෝමීටරයට අනුව සිදුකෙරෙන බවත් දළ වශයෙන් කිලෝමීටරයකට රුපියල් 60ත් 70ත් අතර මුදල් ලංගමයෙන් ගෙවීමට තීරණය කර ඇති බවත්
හෙතෙම සඳහන් කළේය.

අදාළ බස් රථවල සියලු නඩත්තු කටයුතු එම පෞද්ගලික සමාගම විසින් සිදුකරනු ලබන අතර ඊට අවශ්‍ය රියැදුරන් සහ තෙල් ලංගමය හරහා ලබාදීමට යෝජනාවට අනුව තීරණය වී ඇත.

කෙසේ වෙතත් එම බස් රථ වසර දහයකට පසුව ශ්‍රී ලංගමය සතුවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

ඊට අදාළ කැබිනට් පත්‍රිකාව එළඹෙන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් තවත් බස් රථ 1000 ක් ඉදිරියේදී මෙලෙස ගෙන්වන බවත් අශෝක අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka