gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රනිල් - සජිත් සහ තවත් කිහිපදෙනෙක් සිංගප්පූරුවට යයි

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (08) සිංගප්පූරුව බලා පිටත්ව යනවා.

සිංගප්පූරුවේ පැවැත්වෙන ජාත්‍යන්තර ජල සති සැමරුම සහ පිවිතුරු පරිසර සමුළුවට සහභාගී වීම සඳහා මෙලෙස අග්‍රාමාත්‍යවරයා දිවයිනෙන් පිටත්ව යනු ඇති.

එරට පැවැත්වෙන 06වන ජගත් පුරවර සමුළුවට සමගාමීවයි මෙය පැවැත්වෙන්නේ.

අග‍්‍රාමාත්‍යවරයා සිංගප්පුරු සංචාරයේදී එරට අග‍්‍රාමාත්‍ය ලී ෂිං ලූන් හමුවීමටද නියමිතව තිබෙනවා.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හෙට (09) ජගත් පුරවර සමුළුවේ ආරම්භක සැසියේදී නාගරික සංවර්ධනය සහ පරිසරය සුරැකිම මැයෙන් මුඛ්‍ය දේශනයක්ද සිදු කිරිමට නියමිතයි.

මෙම සමුළුව සඳහා සජිත් පේ‍්‍රමදාස, මලික් සමරවික‍්‍රම සහ රාවුෆ් හකීම් යන අමාත්‍යවරුන් මෙන්ම නියා්ජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේද සහභාගී වන බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka