gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වතුර බෝතල් 40ක් රුපියල් 8000යි, ආස්මී 30 කට 3000 යි… නාඋල සභාව තේ වේලෙන්ම අරඹයි..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි නාඋල ප‍්‍රාදේශිය සභාවේ පසුගිය වාර්තාවේ පැවති මුද්‍රණ දෝෂයක් හේතුවෙන් පැවැති මහ සභා රැස්වීම එකම කාලගෝටිටියක් බවට පත්විය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ප‍්‍රාදේශිය සභා මන්ත‍්‍රි නිමල සිරි බන්ඩාර මහතා කියා සිටියේ ‘ පුර නැගුම ’ වැඩසටහන යටතේ පසුගිය දා බහුකාර්ය ගොඩනැගිල්ල වීවෘත කරන ලද උත්සවයට රැගෙන
ආ වතුර බෝතල් 40 කට රුපියල් අට දහසක් (8000) ගෙවා ඇති බවයි.
ප‍්‍රකාශයත් සමගින් පක්ෂ විපක්ෂ මන්ත‍්‍රිවරු අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිනි.

ගෝෂාව මැද්දේ මන්ත‍්‍රි නිමල සිරි බණ්ඩාර මහතා කියා සිටියේ කේක් කිලෝ 20 කට රුපියල් 7600 ක්,දොදොල් කිලෝ 10 ට රුපියල් 3500 ක්, කිරිබක් කෑලී 300 ක් සදහා රුපියල් රුපියල් 6000 ක්, ආස්මී 30 ක් ස`දහා රුපියල් 3000 ක් වශයෙන් බිල් ගෙවා ඇති බවයි.

උණුසුම් වචන හුවමාරු මධ්‍යයේ සිනා මුසු මුහුණින් නැගී සිටි සභාපති සනත් දසනායක මහතා(ශ‍්‍රිලපොපෙ) කියා සිටියේ ගනන් සම්බන්ධයෙන් සිදුව ඇත්තේ මුද්‍රණ දෝෂයක් බවයි.

‘මෙහෙම ආස්මී කොහොද තියෙන්නේ බැලූබැල්මටම තේරෙනවනේ මෙතන වෙලා තියෙන්නේ ගනන් වැරදි ලෙස සටහන් වීමක්. මේ මුද්‍රණ දෝෂය සම්බන්ධයෙන් මම සියළුම මන්ත‍්‍රිතුමාලගෙන් සමාව ඉල්ලනවා ’ යැයි සභාපතිවරයා සභාවේ දී කියා සිටියේය.

– ඉන්දික අරුණ කුමාර


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka