gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වැඩ වර්ජනය අකිලට අසාර්ථකයි - සංගමේට සාර්ථකයි

අද දින පැවැත්වෙන වැඩ වර්ජනය සාර්ථක බව ගුරු වෘත්තීය සංගම් සඳහන් කරන අතර එම වෘත්තීය ක්‍රියාමාර්ගය අසාර්ථක බවත් සියලුම පාසල් අද දිනයේදී ක්‍රියාත්මක වූ බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

පාසල් 10162න් 90%ක වැඩකටයුතු අඩපණ වී තිබෙන බවත් විදුහල්පතිවරුන් 15,000කට අධික ප්‍රමාණයකින් 72%ක් ලෙඩ නිවාඩු වාර්තාකර තිබෙන
බව ගුරු විදුහල්පති වෘත්තීය සංගම් එකමුතුව සඳහන් කරයි.

ගුරුවරුන්ගෙන් 80%කට ආසන්න ප්‍රමාණයක් සේවයට වාර්තාකර නොමැති බවත් පාසල්වලට ළමයින්ගේ පැමිණීමත් විශාල ලෙස අඩු වී තිබෙන බව එම සංගම් නියෝජිතයෝ සඳහන් කරති.

කොට්ඨාස හා කලාප කාර්යාලවල කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට තිබෙන බවත් අද (04දා) ක්‍රියාත්මක වන එක් දින වැඩවර්ජනයට අනුව දේශපාලන පත්වීම් ලබාදීමට සිදුකර තිබෙන සැලසුම අවලංගු නොකළහොත් ඉදිරියේදී අඛණ්ඩ වැඩවර්ජනයක් සිදුකරන බවද ලංකා ගුරු සංගමයේ ලේකම් ස්ටාලින් ජෝසප් මහතා සඳහන් කළේය.

දේශපාලන පත්වීම් ලබාදීමට ගෙන තිබෙන තීරණය අවලංගු කරන ලෙස ඉල්ලා අද (04දා) ගුරු විදුහල්පති ගුරු අධ්‍යාපනඥයින් හා අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරීන් වැඩවර්ජනයක නිරතව සිටියි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka