gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජම්පටාවීදියේ වෙඩි තැබීමෙන් දෙදෙනකු මරුට - තවත් දෙදෙනකුට තුවාල

ටී 56 ගිනි අවි වලින් සන්නද්ධව කොටහේන ජම්පටාවීදියට ඊයේ (08 වැනිදා) රාත්‍රී 8.10 ට පමණ කඩා වැදුණු පාතාල සාමාජිකයන් දෙදෙනකු එහි සිටි කාන්තාවකගේ සහ පිරිමි පුද්ගලයකුගේ හිස්‌වලට වෙඩි තබා ඝාතනය කර තවත් දෙදෙනකුට බරපතළ තුවාල සිදුකර මුළු ප්‍රදේශයම භීතියට පත්කර පලාගොස්‌ ඇත.

හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් කොටහේන
ප්‍රදේශයේ ක්‍රියාත්මක වන කල්ලි දෙකක්‌ අතර කාලයක පටන් පවතින ගැටුමක්‌ මෙම ප්‍රහාරයට හේතුවී ඇති බව පොලිසිය පවසයි.

මෙම ප්‍රහාරයෙන් ඝාතනයට ලක්‌ව ඇත්තේ ජම්පටාවීදියේ පදිංචි 50 හැවිරිදි ගීතා නමැති කාන්තාවක්‌ හා 58 හැවිරිදි රාජා නමැති අයෙකි.

රාජා නමැත්තා ජම්පටාවීදියේ මාළු වෙළෙඳසලක්‌ පවත්වාගෙන යන අයෙකි. පාතාල සාමාජිකයන් එල්ල කළ ප්‍රහාර වලින් තුවාල ලැබූ දෙදෙනාගෙන් එක්‌ අයකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පැවැසීය.

තුවාල ලැබූ මෙම පුද්ගලයන් දෙදෙනා මෙම ගැටුමට සම්බන්ධ පුද්ගලයන් නොවන බවත් ඔවුන් ජම්පටාවීදියේ ආපන ශාලාවකින් ආහාර ගනිමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්‌ව ඇති බවත් පොලිසිය පවසයි.

මෙම සිද්ධිය වන අවස්‌ථාවේදී ජම්පටාවීදිය ජනාකීර්ණව පැවැති අතර ඒ අතරතුරදී යතුරු පැදියෙන් පැමිණි මෙම පාතාල සාමාජිකයන් ප්‍රහාර එල්ල කර ඇති බවත් පොලිසිය පවසයි.

මීට සති දෙකකට පමණ ඉහතදී රාත්‍රී කොටහේන ජම්පටාවීදියේදී පාතාල සාමාජිකයන් දෙදෙනකු පුද්ගලයකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකළ අතර එම ප්‍රහාරයට එකට එක කිරීමක්‌ ලෙස මෙම ද්විත්ව ඝාතනය සිදුකර ඇති බව පොලිසිය සැක පහළ කරයි.

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති ලලිත් පතිනායක, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ලයනල් ගුණතිලක, අපරාධ කොට්‌ඨාශයේ අධ්‍යක්‍ෂ නිශාන්ත සොයිසා යන මහත්වරුන්ගේ අධීක්‍ෂණයෙන් විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් 03 ක්‌ පරීක්‍ෂණ පවත්වයි.

හේමන්ත රන්දුණු
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka