gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ත්‍රිපුද්ගල උසාවියට නඩු 5ක් ලෑස්තියි !

බරපතල මූල්‍ය වංචා සම්බන්ධයෙන් වන නඩු විභාග කිරීම සඳහා වන පළමු ත්‍රිපුද්ගල මහාධිකරණය ලබන 12 වැනිදායින් පසුව ආරම්භ කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
දිනපතා විභාගවන අදාළ අධිකරණයේ දී විභාගයට ගැනීම සඳහා නීතිපතිවරයා විසින් මේවන විට නඩු 5ක් තෝරාගෙන ඇති බවද පැවසේ.

අදාළ ත්‍රිපුද්ගල මහාධිකරණය කොළඹ උපරිමාධිකරණ සංකීර්ණය ඉදිරිපිට පිහිටි , මෙතෙක් රථවාහන අධිකරණය පිහිටි ස්ථානයේ මෙය ස්ථාපිත කිරීමට ආරම්භ කරන ලද ප්‍රතිසංස්කරණ කටයුතු මේවන විට අවසන් අදියරේ ඇති බවද වාර්තා වේ.

 එහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරනු ලැබුවේ නාවික හමුදාව විසින් වන අතර ඔවුන් එහි සියලු ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර ලබන 12 වැනිදා එය අධිකරණ අමාත්‍යංශයට භාරදීමට නියමිතය.

අග විනිසුරුවරයා විසින් එම අධිකරණයේ කටයුතු වෙනුවෙන් මහාධිකරණ විනිසුරුවන් තිදෙනාද නම් කර තිබේ.

සභාපති විනිසුරු ලෙස සම්පත් අබේකෝන් මහතාත්, සම්පත් විජේරත්න හා චම්පා ජානකී සෙසු විනිසුරුවන් ලෙසත් පත්කර ඇත.

බරපතල මූල්‍ය වංචා විභාග කිරීමට අධිකරණ තුනක් සකස් කිරීමට නියමිත අතර එහි දෙවැන්න වත්තල ඉදිකිරීමට සැලැසුම් කර ඇති අතර එයද ලබන සැප්තැම්බරයේදි ආරම්භ කිරීමට නියමිතය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka