gossip lanka

ධීවර ඇමති ඉන්ධන නිෂ්පාදනයට අතගසයි

ඉවතලන ප්ලාස්ටික් , පොලිතින් සහ දැල් ආම්පන්නවලින් ඉන්ධන නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙලේ නියමු ව්‍යාපෘතිය ධීවර වරායන් ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමේ කටයුතු සැලසුම් කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප්
වෙදආරච්චි මහතා පවසයි .

අමාත්‍යතුමා සදහන් කළේ මෙම වැඩපිළිවෙල තුළින් ධිවර කර්මාන්තය සදහා විකල්ප බලශක්ති හදුන්වාදීමට හැකියාව ලැබෙනු ඇති බවය . ඒ අනුව ඉන්ධන පිළිබද ඇති ගැටලු අවම කරගැනීම , ධීවර බෝට්ටු සදහා ඉන්ධන භාවිතයේදී සාගරයට තෙල් මිශ්‍ර වීමෙන් සාගර පරිසර පද්ධතියට වන බලපෑම් අවම කරගැනීමටද මෙමගින් හැකිවනු ඇත .

සාගර සම්පත දුෂණය වීම වැලැක්වීම සඳහා තිරසාර විසදුම් ලබාදීමේ වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංකාවේ සාගර සම්පත් විශ්ලේෂණය කිරීමේ මධ්‍යස්ථානය [ CENORA –SL] මගින් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය [ FAO ] , ලෝක බැංකුව , ජාත්‍යන්තර මුල්‍ය අරමුදල , එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හා නොර්වේ තානාපති කාර්යාලය වෙත යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ .

ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය වෙත ශ්‍රී ලංකාවේ සාගර සම්පත් විශ්ලේෂණය කිරීමේ මධ්‍යස්ථානය විසින් ඉදිරිපත් කළ දෙවැනි යෝජනාව මෙය වේ . පරිසර විද්‍යාඥයන් , ඉංජිනේරුවරුන් , ආර්ථික විද්‍යාඥයන් , නීති විශාරදයන් , මුල්‍ය විශේෂඥයන් , වෙරළ ඉංජිනේරුවරුන්ගෙන් සමන්විත බුද්ධි මණ්ඩලයක් විසින් පර්යේෂණ සිදුකරමින් මෙය රට තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතය .

සාගර පතුල දුෂණය වීම නිසා කොරල් පර පද්ධතිය ඇතුළු සාගර සම්පත් විනාශය සඳහා වන බලපෑම් ඉතා ඉහල අගයක පවතී. මේ නිසාම මත්ස්‍ය සම්පත සඳහා දැඩි බලපෑම් එල්ල වෙමිත් පවති . එවැනි තත්ත්වයක් හමුවේ ශ්‍රී ලංකාවට අයත් සාගර තිරයේ මත්ස්‍ය ගහනයේ අඩුවීමක් පැහැදිලිව නිරීක්‍ෂණය වී ඇත .

ධීවර රැකියාවේ යන ධීවර කාර්මිකයින් දිනපතා ප්ලාස්ටික් වතුර බෝතල් , පොලිතින් ඇතුළු රැගෙන යන දෑ විශාල වශයෙන් මුහුදට මුසු වීමත් , ගොඩබිම අපද්‍රව්‍ය සාගරයට එක්වීමත් නිසා සාගර පරිසර පද්ධතියට මෙවැනි තර්ජනයක් එල්ල වී තිබේ .

මේ නිසාම සංවේදී කොරල්පර පද්ධතිය රැකගැනීම සඳහා කොරල්පර පවිත්‍ර කිරීමේ වැඩපිළිවෙලක් ද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර ඇත .

මෙමගින් රටේ ආර්ථික ඉලක්ක ජයගැනීමත් , වෙරළ සහ සාගරය ආරක්ෂා කරගැනීම උදෙසා උපාය මාර්ගික සැලසුම් සකස් කිරීමත් , අනාගත ලෝකයේ යහපත උදෙසා සියලු අමාත්‍යංශ හා ආයතන එක්ව එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක [ SDG ] ජයගැනීමත් අපේක්‍ෂාව බව අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අවධාරණය කළේය .




gossip lanka