gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පළාත් සභා මැතිවරණ දෙසැම්බරයේ !

පළාත් සභා මැතිවරණ එළඹෙන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට රජයේ ප්‍රධානින් තීරණය කර ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින්  වාර්තාවේ.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 28දා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති අතර එහිදී ඇතිවූ සාකච්ජා වල ප්‍රතිපලයක් ලෙස ජනාධිපතිවරයා හා
අගමැතිවරයා එවැනි තීරණයකට එළඹ ඇතිබව ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා, පළාත් සභා සීමා නිර්ණ අනුකමිටු සාමාජිකයින් සහ මැතිවරණ කොමිසමේ නියෝජිතයින් ද එම සාකච්ජාවට සහභාගී වී සිටියේය.

පළාත් සභා සීමා නිර්ණ කමිටුව, විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාට භාරදී ඇති කමිටු වාර්තාවේ යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවී ඇත.

ඉදිරි පළාත් සභා මැතිවරණය පැවැත්වෙන ක්‍රමවේදය පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka