gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මත්තල ඉන්දියාවට !

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල ඉන්දියානු සිවිල් ගුවන් සේවා අධිකාරිය සමඟ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මෙහෙයවීමට ඉන්දියාව සමඟ ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා “අනිද්දා” පුවත්පත සමඟ පවසා තිබේ.

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලට අදාල ණය වාරික ගෙවීම සඳහා පමණක් කටුනායක ගුවන් තොටුපලෙහි වාර්ෂික ආදායමින් ඩොලර් මිලියන
03ක් පමණ ගෙවීමට සිදුව ඇති බැවින් මේ පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටී.

ඒ අනුව ශ්‍රී ලංකාව සමඟ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මත්තල ගුවන් තොටුපල මෙහෙයවීම සඳහා ටෙන්ඩර් කැඳවූ බව ඔහු පැවසීය.

එහිදී වැඩිම ලංසුව තැබූ ඉන්දියානු සිවිල් ගුවන් සේවා අධිකාරිය මේ සඳහා තෝරා ගත් බවද ඔහු සඳහන් කරයි.

ශ්‍රී ලංකාව අදාල ව්‍යාපෘතියට ඇමරිකානු ඩොලර් මිලියන 320ක තක්සේරුවක් ලබාදුන් බවත් එයට ඉන්දියානු සිවිල් ගුවන් සේවා අධිකාරිය එකඟව ඇතැයි ද අමාත්‍යවරයා හෙළිකර තිබේ.

එම තක්සේරු වටිනාකමින් 70%ක් ඉන්දියාව විසින් යොදවන අතර ඉන් 30%ක් ශ්‍රී ලංකාව විසින් යෙදවීමට නියමිතය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka