gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මැතිව්ස්ගෙන් ධනුෂ්කට සැර පිළිතුරක්

යම්කිසි ක්‍රීඩකයෙක් විනය විරෝධී වැඩ කර අවධානමක් ගනීනම් එහි ප්‍රතිවිපාකවලටද ඔහු මුහුණ දිය යුතු බව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව පෙරේදා (28දා) දඹුල්ලේදී පැවැසීය.

“ක්‍රීඩකයෙක් අහිමිවීම කනගාටුවට කරුණක්. නමුත් අපි විනය විරෝධී වැඩ සඳහා ඉඩ දෙන්නේ නෑ.
ඔවුන් අවධානමක් ගන්නවානම් එහි විපාකවලටත් ඔවුන් මුහුණ දිය යුතුයි. ඔවුන්ට හොඳම ක්‍රිඩකයන් වෙන්නට බෑ. ඔවුන් කණ්ඩායමේ නීති රෙගුලාසිවලට අනුගත විය යුතුයි.

ඔවුන් පිටියෙන් පිට කරන දේවල් ගැන අපි අවධානය යොමුකරනවා මොකද ඒක සමස්ත කණ්ඩායමට වගේම කණ්ඩායමේ චිත්‍රයටත් බලපානවා. ක්‍රීඩකයන් තමන් ගැන පිටියේදී මෙන්ම පිටියෙන් පිටදීත් හොඳින් බලාගන්න ඕන. කණ්ඩායමේ චිත්‍රයට හානියක් නොකළ යුතුයි”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka