gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අද රාත්‍රියේ සිට දුම්රිය නවතින ලකුණු - බස්වලට හුරු වෙන්නැයි ප්‍රවාහන අමාත්‍යාංශය කියයි

 දුම්රිය සේවයට සම්බන්ධ ප‍්‍රධාන වෘත්තීය සමිති රැසක් අද (30) මධ්‍යම රාත‍්‍රියේ සිට වැඩ වර්ජනයක නිරත වනවා.

මෙලෙස වර්ජනයට එක්වන්නේ දුම්රිය එන්ජින් රියදුරන්, නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන්. මේ දක්වා සිය තීරණයේ කිසිඳු වෙනසක් නොමැති බවයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ
ලේකම් ඉන්දික දොඩම්ගොඩ පැවසුවේ.

වර්ජනය හේතුවෙන් සියලූ දුම්රියන් ධාවනය නොවනු ඇති බවයි ඔහු කියා සිටියේ. අත්‍යවශ්‍ය දුම්රියන් ධාවනය කිරීම සම්බන්ධයෙන් පවා ප‍්‍රවාහන බලධාරීන්ගෙන් මෙතෙක් ඉල්ලීමක් ලැබී නොමැති බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ සඳහන් කළා.

බොහෝ පිරිසක් සිය ප‍්‍රවාහන අවශ්‍යතා සපුරා ගන්නා දුම්රිය මෙලෙස ධාවනය නොවුණහොත් ඉන් ජනතාවට සිදු වන්නේ දැඩි බලපෑමක්. ඒ පිළිබඳව හෝ සලකා මෙම වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයට විසඳුමක් ලබාදීමට පියවර ගත නොහැකිදැයි නෙත් නිවුස් ප‍්‍රවාහන අමාත්‍යංශයෙන් විමසා සිටියා.

නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ එහිදී පැවසුවේ "රටට ආදරය නැති රාජ්‍ය සේවයක් තියෙනකම් මේක හදන්න බෑ.. ඔය කරන්න යන්නේ මස් රාත්තලම ඉල්ලන වැඩක්.." යනුවෙනි.

පොදු බස් රථ සේවය ඉදිරියේදී තවදුරටත් ශක්තිමත් කරන බවත් බස් රථවලට හුරුවන ලෙස දුම්රිය මගීන්ගෙන් ද ඉල්ලා සිටීමට සිදුවන බවත් නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මෙහිදී කියා සිටියා.

දුම්රිය වෘත්තීය සමිති අද මධ්‍යම රාත‍්‍රියේ සිට මෙම වැඩ වර්ජනය ආරම්භ කිරීමට සූදානම් වන්නේ පැය 48ක කාලයක් සඳහායි. ඉකුත් බ‍්‍රහස්පතින්දා දුම්රිය රියදුරන් ඇතුළු වෘත්තීය සමිති හදිසියේ ක‍්‍රියාත්මක කළ පැය 02ක වර්ජනය හේතුවෙන් මගීන් දැඩි දුෂ්කරතාවකට පත් වුණා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka