gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආවා කල්ලි නායකයාගේ නිවසට ප‍්‍රහාරයක්.. තවත් නිවාස 03කට ප‍්‍රහාර..

යාපනයේ ක්‍රියාත්මක ආවා කල්ලියේ වත්මන් නායකයා බවට සැලකෙන පුද්ගලයාගේ නිවසට ඇතුලු ස්ථාන 4 ක පිහිටි නිවාස 4 කට ඊයේ (29) රාත්‍රියේ තියුණු ආයුද ගත් පිරිසක් කඩා වැදී නිවාස අලාභහානි රැසක් සිදු කොට පලා ගොස් ඇතයි යාපනය පොලීසිය කියා සිටියේය.

යාපනය කොකුවිල්හි පිහිටි ආවා කල්ලියේ වත්මන් නායකයා බවට සැකකෙරෙන අශෝකන් හෙවත්
අශෝක් කුමාර් නැමත්තාගේ නිවසටත් එම ප්‍රදේශයේම ආවා කල්ලියට සම්බන්ධ වූ තවත් පුද්ගලයින් දෙදෙනෙකුගේ නිවාස දෙකකට හා මාණිප්පායි පොලිස් වසමේ අනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ පිහිටි අවා සාමාජිකයෙකුගේ නිවසටද මෙම ප්‍රහාරයන් එල්ල වී ඇති බවට පොලීසිය කියා සිටියේය.

යතුරුපැදි 4 කින් මුහුණ වසාගත් අටදෙනෙකුගෙන් යුත් පිරිසක් කඩු ඇතුලු තියුණු ආයුද සමග පැමිණි මෙම පිරිස් විසින් ඊයේ සවස 5.15 සිට රාත්‍රි 10.30 දක්වා කාලය තුලදී නිවාස වලට පහරදීම සිදු කොට ඇති අතර ස්ථාන හතරෙම පිහිටි නිවාස වලට එකම කණ්ඩායම පහර දී ඇති බවට පොලීසිය විසින් අනාවරනය කොට ගෙන ඇත.

අදාල පහරදීමෙන් නිවාස හතරෙම කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදු නොවුනද නිවාසයන්හි තිබූ යතුරු පැදි , පාපැදි ,සන්නිවේදන උපකරණ, දොර ජනෙල් , ආදී උපකරණ වෙතට දැඩි හානි සිදුව ඇති බවට අනවාරනය වී ඇත.

ආවා කල්ලියේ අශෝකන් නැමත්තා මේ දින වල සැගවී ඇති අතර ඔහු සෙවීමේ පොලිස් පරික්ෂණ සිදුවන අතරවාරයේ මෙම පහරදීම සිදුව ඇති අතර ආවා කල්ලිය හෝ ධනු රොක් කල්ලිය අතර පවතින ගැටුම හේතුවෙන් මෙම පහර දීම ධනු රොක් කල්ලියේ පහරදීමක් බවට පහරදීම සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කරන යාපනය පොලීසිය සැක පල කොට සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka