gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහින්දගෙන් පොලිසියට පැමිණිල්ලක්

'2020 ජනාධිපතිවරණය' යන සිරස්තලය යටතේ වන ලේඛණයක් සමාජ මාධ්‍ය ජාල වෙත නිකුත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

නීතිඥ ප්‍රේමනාත් දොළවත්ත මහතා මාධ්‍ය වෙත කියාසිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බවයි.
අදාළ ලේඛණය ව්‍යාජව සකස් කළ එකක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය පෙරේදා (18) ප්‍රකාශ කළේය.

2020 ජනාධිපතිවරණය සඳහා ජනාධිපති අපේක්ෂක ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කරනු ලැබ ඇති බව එහි සඳහන් විය.

එහෙත් හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා මේ දක්වා කිසිවෙකුත් නම් කර නොමැති බවයි.

මෙම ලියවිල්ල ව්‍යාජ එකක් බව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු වන ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අවධාරණය කර තිබිණ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka