gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලොතරැයි අලෙවිකරුවන් වර්ජනයකට සැරසෙයි

ලොතරැයි අලෙවි නියෝජිතයන්ට ලබාදෙන කොමිස් මුදල් ඉහළ දමන බවට ලබාදුන් පොරොන්දුවට මේ වන විට හත් වසරක් ගත වී තිබුණත් මෙතෙක් එය ඉටු වී නොමැති බව සමස්ත ලංකා ලොතරැයි අලෙවිකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

ගෙවී ගිය වසර තුනක කාලය තුළදී මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ඇතුළු බලධාරීන් අවස්ථා දෙකකදීත් කොමිස් මුදල් ඉහළ දමන බවට පොරොන්දු වූ බවද එම සංගමයේ සභාපති ඩී.එස්. මදරසිංහ මහතා කියා සිටී.

දින 14ක කාලයක් තුළ මෙම ගැටලුව විසඳීමට කටයුතු නොකළහොත් ඉන් පසුව වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කරන බවද හෙතෙම පැවැසීය.

පවතින ජීවන වියදම සැලකිල්ලට ගෙන අලෙවි නියෝජිතයන්ට ශත 25ක කොමිස් මුදලක් හා අලෙවි සභිකයන්ට ශත 25ක මුදලක් ඉල්ලා 2011 වසරේ සිට ඉල්ලීම් කර තිබෙන බවද ඔහු සඳහන් කළේය.

ලොතරැයි මණ්ඩල දෙකම අනවශ්‍ය වියදම් සඳහා වාර්ෂිකව රුපියල් කෝටි ගණනක් වියදම් කරන බවත් එහෙත් ලොතරැයි මණ්ඩල දෙකට ආදායම් උපයා දෙන අලෙවි නියෝජිතයන්ගේ කොමිස් මුදල් 2009න් පසු මෙතෙක් ඉහළ දමා නොමැති බවද මදරසිංහ මහතා පැවැසීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka