gossip lanka

තාජුඩීන් ඝාතනයේ සී.සී.ටී.වී දර්ශන අධිකරණය‍ට !

රගර් ක්‍රිඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධ සී.සී.ටී.වී දර්ශන ඇතුළත් තවත් ඩී.වී.ඩී තැටි දෙකක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (18) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා වෙත භාර දුන්නේය.

මරණකරු වූ මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ වැඩිමහල් සොහොයුරිය වන ෆාතිමා අයේෂා විසින් අපරාධ දර්ශන ඇතුළත් සී.සී.ටී.වී තැටි දෙකක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇති අතර එහි අන්‍ය්‍යතාව තහවුරු කිරීමෙන් අනතුරුව සුරක්ෂිතව තබාගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන බවට මෝසමක් ගොනු කරමින් රහස් පොලිසිය අධිකරණය වෙත කරුණු දැක්වීය.

හැව්ලොක් මාර්ගයේ ලාෆ් වෙළෙඳ සංකිර්ණය 2012/5/17 අසල අපරාධ ස්ථානය ආවරණය වන පරිදි සි.සී.ටී.වී දර්ශන ඇතුළත් බවත් ඉංග්‍රීසි අකුරු හා ඉලක්කම් සහිත ඇඳුම ඇඳ සිටින පුද්ගලයා සම්බන්ධ සමීප රූප හා අලුයම 12.14 ට දර්ශනය වන එම පුද්ගලයා සම්බන්ධ තොරතුරු බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටා ඇති පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන විධායක නිලධාරි ලාල් ඩයස් මහතාගෙන් විශ්ලේෂණ වාර්තාවක් කැඳවන ලෙසට රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා තිබිණ.

දර්ශනවල සටහන් පුද්ගලයා කව්ද ?

එම දර්ශනවල සටහන් පුද්ගලයාගේ සමීප රූප , වාහනයේ අංක තහඩුව ,දර්ශන දෙකෙන් දර්ශනය වන පුද්ගලයා එක් අයෙකු ද නැත්නම් දෙදෙනෙකු ද හා ඉංග්‍රිසි අකුරු හා ඉලක්කම් සහිත ටී ෂර්ටය ඇඳ සිටින අය කවුරුන්ද ? ආදි ඇතුළත් ප්‍රශ්න හයකින් සමන්විත ප්‍රශ්නාවලියකට පිළිතුරු සපයමින් මෙම සී.සී.ටී.වී දර්ශන සම්බන්ධ විශ්ලේෂණ වාර්තාවක් කැඳවිමට අධිකරණය පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා වෙත නියෝග නිකුත් කළේය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සැරයන් රත්නප්‍රිය මහතා විසින් අධිකරණය වෙත මෝසමක් ගොනු කරමින් නඩුව යළි කැඳවිය.

(දිනමිණ)
gossip lanka