gossip lanka

විදේශිකයන්ට ඉඩම මිලදී ගැනීම සඳහා තිබෙන තහනම එලෙසම !

ඉඩම් පැවරීම හා අත්පත් කර ගැනීම සම්බන්ධ නියමයන් කිහිපයක් පිළිබඳව වු ඉඩම් සන්තකය පැවරීම සීමා කිරීමේ සංශෝධන පනත අද දින පාර්ලිමේන්තුවේදී විවාද කර සම්මත කර ගැනීමට නියමිතය.

මෙම පනත මගින් විපක්ෂය හුවාදැක්වීමට උත්සාහ දරන පරිදි විදේශිකයන්ට ලංකාවේ ඉඩම මිලදී ගැනීම සඳහා තිබෙන තහනම කිසිදු අයුරකින් ඉවත්
නොකරන බව රජය පවසයි.

මෙම තහනම් සීමාව 2014 අංක 38 දරණ ඉඩම් සන්තක පැවරීම සීමා කිරීමේ පනත යටතේ තවදුරටත් බලපැවැත්වේ.

සංශෝධන හරහා සිදුවනුයේ 2018 අයවැය යෝජනා මගින් සීමා කිරීම් ලිහිල් කිරීම පමණි.

මෙම පනත මගින් සහාධිපත්‍ය ගොඩනැගිලිවල කොන්ඩොමිනියම් නිවාස සංකීර්ණවල හතරවැනි මහලින් පහල තට්ටුව නිවාස ඒකකයක් මිලදී ගැනිම සඳහා විදේශිකයන් මත පනවා තිබූ තහනම ඉවත් කරනු ලැබේ

තවද විදේශිකයන් හට ඉඩම් ගොඩනැගිලි බදු දීමේ දී සම්පූර්ණ බදු watinakam වටිනාකම මත 15% ක බද්දක් 2013 ජනවාරි මස පළවෙනිදා සිට අයකරන ලදී. එම බද්ද 2016 ජනවාරි පළ වන දින සිට ඉවත් කිරීමට 2016 අයවැය මගින් යෝජනා විය. අනුව එම යෝජනාව මෙම නව සංශෝධන මගින් ක්‍රියාත්මක කෙරේ.

ලයිස්තුගත සමාගම් වල බාධක ඉවතට :

මෙම නව සංශෝධන පනත මගින් ගෙන එන ගෙන එනු ලබන තවත් පියවරක් වනුයේ කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත සමාගම්වල විදේශිකයන්ට හිමි කොටස්කාර කොටසේ හිමිකාරිත්ව හිමිකාරිත්වය 50% කට වැඩි නම් එම සමාගම් ද විදේශ සමාගම් ලෙස මෙයට පෙර සලකනු ලැබූ කොන්දේසිය අහෝසි කිරීමයි.

2018 අයවැය යෝජනා මගින් මෙම සීමා කිරීම් කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කර ඇති සමාගම් සඳහා විදේශීය කොටස් හිමිකාරිත්වය ප්‍රතිශතය නොතකා ඉවත් කිරීමට යෝජනා විය.

ඒ අනුව ලයිස්තුගත සමාගම් වලට ද දේපළ මිලදී ගැනීම සඳහා තිබෙන බාධක ඉවත් වේ.


gossip lanka