gossip lanka

බදු නොගෙවූ කඩ 16ක් වසා දමයි

අම්පාර නගර සභාවට බදු ගෙවීම් පැහැරහරින ලද අම්පාර බස් නැවතුම්පොළේ වෙළෙඳසැල් 16ක් ඊයේ (17දා) අම්පාර නගර සභාව විසින් සීල් තබා ඇත.

මෙම වෙළෙඳසැල්වලින් රුපියල් ලක්ෂ 35ක හිඟ මුදලක් අයකර ගැනීමට තිබූ අතර ව්‍යාපාරිකයන් එය නොගෙවීම නිසා මෙවැනි තීරණයක් ගැනීමට සිදුවූ බව අම්පාර නගර සභාවේ සභාපති චමින්ද සුගත් මහතා පැවැසීය.

අම්පාර නගර සභාවේ මාසික රැස්වීමේදී සියලුම
මන්ත්‍රිවරුන් විසින් ඒකමතිකව ගත් තීරණයක් අනුව මෙම වෙළෙඳසැල් සීල් තැබීමට පියවර ගත් බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

වෙළෙඳසැල් සීල් තැබීමට සූදානම් වන අවස්ථාවේ සමහර ව්‍යාපාරිකයන් හිඟ මුදල් ගෙවා සීල් තැබීම් නවතා තිබේ.

මෙම බස් නැවතුම්පොළ ආරම්භ කිරීමට පෙර පැරැණි බස් නැවතුම්පොළේ වෙළෙඳසැල් පවත්වා ගෙන ගිය ව්‍යාපාරිකයන් නව දෙනෙකුට මසකට රුපියල් 15,000 බැගින් සහන මිලකට කඩ ලබාදීමට සියලුම නාගරික මන්ත්‍රිවරුන් එකඟතාව පලතර ඇති අතර මෙම හිඟ මුදල් ගෙවීමෙන් අනතුරුව එම තීරණය ක්‍රියාත්මක කරන බවද හෙතෙම සඳහන් කළේය.

gossip lanka