gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලංකාව අවදානමේ ! - ජර්මන් වොච්' කියයි

ශ්‍රී ලංකාව හදිසි ආපදා අවදානම් සහගත රටක් බවට පත් වෙමින් ලෝක දේශගුණ විපර්යාස අවදානම් දර්ශකයේ 4වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇතැයි දේශගුණ විපර්යාස පිළිබඳ 'ජර්මන් වොච්' නමැති අන්තර් ජාතික ආයතනය සඳහන් කොට තිබේ.

එම වාර්තාවට අනුව 2016 වනවිට ශ්‍රී ලංකාව ආපදා අවදානමේ 98 වැනි ස්ථානයේ පසුවිය. එය
අනතුරුදායක තත්ත්වයක් නොවූවද 2018 වනවිට 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇත.

එය ඉතා අවදානම් තත්ත්වයක් බවත් ජලය වැඩි බව, ජලය හිඟ බව, සුළි සුළං හා මුහුදුකෑම ආදිය නිසා ශ්‍රී ලංකාව එලෙස අවදානම් තත්ත්වයට පත්වීමට හේතු වී ඇති බව මේ පිළිබඳ අදහස් දැක්වූ වාරිමාර්ග, ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව තවදුරටත් ආපදා අවම වූ ආරක්ෂිත රටක් ලෙස සිතා කටයුතු කළ නොහැකි බව 'ජර්මන් වොච්' ආයතනයේ අනතුරු හැඟවීමෙන් අවධාරණය කෙරෙන බවද හෙතෙම කීවේය.

(මව්බිම)



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka