gossip lanka

ඥාණසාර හිමි ගැන තීන්දුව අගෝස්තු 8

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් 2016 වසරේ ජනවාරි මස 25 දා හෝමාගම මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ ගොනු කර ඇති  නඩුවේ තීන්දුව අගොස්තු මස 8 දා
ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය අද (18) දින නියම කළා.

මෙම නඩුව සම්බන්ධයෙන් ඥානසාර හිමියන්ගේ පාර්ශවය අද  ලිඛිත දේශන ගොනු කරනු ලැබුවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් හෝමගම හිටපු මහේස්ත්‍රාත් රංග දිසානායක විසින් මීට පෙර සාක්ෂි ලබා දෙන ලදී.

අද දින මෙම නඩුව විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ඇතුළු ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබුවා.


gossip lanka