gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කටුනායක අහසේ සරුංගල් යවන්න එපා

සරුංගල් යැවීමෙන් ගුවන්යානාවල ගමන්වලට බාධා ඇති කරන නිසා කටුනායක ගුවන්තොටුපොළ අවට කලාප ඉහළ අහසේ සරුංගල් යැවීමෙන් වැළකී සිටින්නැයි ගුවන්තොටුපොළ රාජකාරි කළමනාකාරවරයා ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකාවේ දෙවැනි පාසල් නිවාඩු සමයත් සමග සරුංගල් වාරය ආරම්භ වීමට නියමිත හෙයින්, පසුගිය වසරවල ලද අත්දැකීම් මත මෙම ඉල්ලීම ප්‍රදේශයේ ජනතාවට ඉදිරිපත් කිරීමට කළමනාකාරවරයා පියවර ගෙන ඇත.


අගෝස්තු මාසය තුළ මඩවල , මාදුව , කළහපිටිය , පීල්ලවත්ත ආදී කුඹුරු යාය සහිත ප්‍රදේශවල වල මෙම සරුංගල් යැවීම ඉදිරි බහුලව සිදු වන හෙයින් එම ප්‍රදේශ ඔස්සේ ගුවන් යානා ද ඉතා පහතින් ගමන් ගන්නා නිසා මෙම සරුංගල් එම යානාවල පැටලී අනතුරු සිදුවිය හැකි බැවින්, ගුවන්තොටුපොළ අවට ප්‍රදේශවාසීන් මේ පිළිබඳ වඩාත් සැළකිලිමත් විය යුතු බව කටුනායක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත ඒකනායක මහතාද කියා සිටී.

උදෑසන සිට සවස් වන තුරු ගුවන් තොටුපොළ අවට ඉහළ අහසේ බහුල ලෙස සරුංගල් යැවීම නිසා කටුනායක ගුවන්තොටුපොළ මෙන්ම ගුවන්යානාවල රේඩාර් පද්ධතිවලට , මෙම සරුංගල් අපහැදිලි , අවුල් සහගත දර්ශන ඇති කිරීම තවත් අනතුරුදායක කටයුත්තක් බවද පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka