gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

උඩුවේ හිමිට උඩින් යන්න අවසර

විදෙස් ගමන් තහනම් කර තිබූ පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට අද(31) දින සිට සැප්තැම්බර් මස 10 වන දින දක්වා විදෙස් ගත වීමට අධිකරණය අවසර ලබා දී තිබේ.

නීතිවිරෝධී අන්දමින් සිය විහාරස්ථානයේ අලි පැටවෙකු තබා ගැනීමේ චෝදනාවට පවරා ඇති නඩුවේ විත්තිකාර කිරුළපන ඇලන්මැතිනියාරාමාධිපති පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමිට අද දින සිට සැප්තැම්බර් මස වන දක්වා ධර්ම ප්‍රචාර කටයුතු සඳහා ලන්ඩනයට වැඩම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද අවසර ලබා දුන්නේය.

ඒ මෝසමක් මඟින් නඩුව කැඳවමින් උන්වහන්සේ කළ ඉල්ලීමකට අනුවයි.

මෙම අධිකරණ නියෝගය වහාම ආගමන විගමන පාලකවරයා වෙත නිසි ආකාරව යවන ලෙස ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබේ.

කෙසේ වෙතත් පසුගිය 26 වන දා විදෙස් ගත වීම සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක සඳහන් දිනයක් පිළිබඳ ඇති වු ගැටලුවක් හේතුවෙන් ලන්ඩන් බලා ගමන් කිරීමට කටුනායකින් ගුවන් යානයකට ගොඩ වී සිටි පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් ඉන් පිටතට වැඩම කරවනු ලැබීය.

ලන්ඩන් නුවර පැවැත් වීමට නියමිතව තිබූ ධර්ම දේශනා කීපයක් සඳහා සහභාගී වීමට ධම්මාලෝක හිමියන් එලෙස ලන්ඩන් යාමට ගුවන් තොටුපල වෙත පැමිණ තිබුණි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka