gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යාපනයේ ජල නල පද්දතියකින් ඇටසැකිලි හමුවේ..

යාපනය,කල්වියන්කාඩු ප්‍රදේශයේ ජල නළ පද්ධතියක් සකස් කිරීමේදී පොළව යට තිබි මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමු ස්ථානය සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ පරීක්ෂණ ආරම්භ කළ බව යාපනය පොලීසිය පැවසීය.

යාපනය පොලීසිය පැවසූවේ අදාළ අස්ථි කොටස් හමුවු ස්ථානය සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත්
සින්නදුරෙයි සදීශ්කරන් මහතා නිරීක්ෂණය කළ අතර, මහේස්ත්‍රාත් නියෝග යටතේ යාපනය රෝහල් අධිකරණ වෛද්‍ය නිළධාරී එස්.මයුරන් මහතාගේ මූලිකත්වයෙන් යාපනය පොලීසිය ස්ථානීය පරීක්ෂා කිරීම් ආරම්භ කළ බවයි.

යාපනය ප්‍රදේශයට ජලය රැගෙන යාමට ජල නළ ව්‍යාපෘතියක් සකස් කිරීමට පොළොව කැනීමේදී කල්වියන්කාඩු ප්‍රදේශයේ තිබී පසුගිය 20 වැනිදා පළමුවරට අස්ථි කොටස් හමුවු බව යාපනය පොලීසිය පැවසූහ.

පොළව මතුපිට සිට අඩි තුනක පමණ ගැඹුරින් අදාළ අස්ථි කොටස් හමුවි ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වෙත කරුණු වාර්තා කිරීමට ජල නළ ව්‍යාපෘතිය භාර නිළධාරීන් කටයුතු කිරීමෙන් අනතුරුව අදාළ ස්ථානයේ පරීක්ෂණ කටයුතු ආරම්භ කළහ.

මීට පෙර අවස්ථාවකදී ද යාපනය චෙම්මනෙයි ප්‍රදේශයේ සමූහ මිනිවළක් පැවති අතර අදාළ ස්ථානයෙන් මිනිස් සිරුරු 15 ක කොටස් සොයා ගැනීම 1999 වර්ෂයේදී සිදුකරනු ලැබීය.

ක්‍රිෂාන්ති කුමාරස්වාමි නමැති දැරියක් 1996 අගොස්තු මාසයේදී අතුරුදහන්වීමක් සම්බන්ධයෙන් ‍ගොනු කළ නඩු විභාගයකදී ඉදිරිපත් වු සාක්ෂි මත මීට පෙර චෙම්මනෙයි ප්‍රදේ‍ශයේ සමූහ මිනිවළ සොයාගත්හ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka