gossip lanka

"අයි" නමින් යාපනයේ තවත් සන්නද්ධ කල්ලියක්

යාපනයේ ක්‍රියාත්මක ආවා කල්ලියට අමතරව අයි නමින් හැඳින්වෙන කල්ලියක සාමාජිකයින් 13 දෙනෙකු පලෙයි පොලීසයේ මෙහෙයුමකින් පෙරේදා(24) දින  අත්අඩංගුවට පත්ව ඇත.

කොඩිකාමම් එලුදුමට්ටුවාල් ප්‍රදේශයේදී පසුගියදා අත්අඩංගුවට පත් තරුණයින් දෙදෙනෙකුගෙන් කොඩිකාමම් පොලීසිය විසින් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් වලදී අදාල නව කල්ලිය පිළිබඳව තොරතුරු අනාවරනය වී ඇති අතර ඒ බව පලෙයි පොලීසියට
කරන ලද දැනම් දීමකට අනුව පලෙයි  මරදන්කේනි ප්‍රදේශයන්හි අදාලයේ සාමාජිකයින් 13 දෙනෙකු  පලෙයි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පිරිස සමීපයේ කඩු ඇතුලු තියුණු ආයුද කිහිපයක් හා පොලු මුගුරුද තිබූ බවටත් අත්අඩංගුවට ගත් පිරිසෙන් ඇතම් පිරිස් ආවා ක්‍රියාකාරකම් වලට හවුල් කරුවන්ව සිට ඇති අතර පසුව එම පිරිස් විසින්ම අයි නැමති කල්ලියක් නිර්මානය කරමින් පුද්ගල පහරදීම් කිහිපයක් සිදු කොට ඇති බවට පොලීසිය විසින් අනාවරනය කොට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පිරිස ඊයේ (25) දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට පලෙයි පොලීසිය විසින් පියවර ගෙන ඇත.

(වන්නි රොමේෂ් මධුෂංඛ)


gossip lanka